දින තුනක් කොළඹ වරායේ නැංගුරම් ලෑ Artania නෞකාව

දින තුනක් කොළඹ වරායේ නැංගුරම් ලෑ Artania නෞකාව

ජර්මනියේ Phoenix Reisen සමාගම යටතේ ක්‍රියාත්මක Artania සුඛෝපභෝගී මගී නෞකාව 900 කට ආසන්න සංචාරකයන් සහ 420 දෙනෙකුට ආසන්න කාර්ය මණ්ඩලයක්ද සමගින් පසුගියදා පෙබරවාරි 13 වැනිදා කොළඹ වරායේ නැංගුරම් ලෑ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. 

මෙහිදී නෞකාවේ ශ්‍රී ලාංකික නියෝජිත ආයතනය ලෙස Ceyline Maritime Services පෞද්ගලික සමාගම කටයුතු කර ඇති අතර, ගොඩබිම් මෙහෙයුම් වෝල්කර්ස් ටුවර්ස් ලිමිටඩ් සමාගම මගින් සිදුකර තිබේ. 

එසේම ශ්‍රී ලංකා සංචරණය මගින් නෞකාව තුළ සංචාරක තොරතුරු කවුන්ටරයක්ද පිහිටුවා ඇති අතර, එමගින් මෙම නෞකාවේ සිටි පිරිසට ශ්‍රී ලංකාවේ සංචාරයකළ යුතු ස්ථාන පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දී තිබේ.

ඒ අනුව නෞකාව කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ කාලසීමාව තුළදී එහි පැමිණි බහුතරය වන ජර්මානු සංචාරකයන් ශ්‍රී ලංකාවේ ස්ථාන රැසකම සංචාරයේ යෙදී තිබේ. එහිදී ඔවුන් ගාල්ල කොටුව, උණවටුන, මහනුවර, කැළණිය රාජමහා විහාරය, ගල්කිස්ස වෙරළ, කොළඹ නගර චාරිකාව මෙන්ම අවසානයේදී කොළඹ සාප්පු සවාරියේදී යෙදුණු බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංය පවසයි.

බර්මියුඩානු ධජය සහිත මෙම නෞකාව අඩි 755ක දිගකින් යුක්තය. එහි ඇතුළත ආපන ශාලා පහකින් සමන්විත වන අතර, විවිධ සෞඛ්‍ය සහ ශරීර සුවතා අංග ඇතුළත් ක්‍රීඩාංගණවලින්ද සමන්විත වෙයි. මීට අමතරව සාප්පු සංකීර්ණ, පොත් සාප්පු, රැස්වීමේ කාමර මෙන්ම කලාගාර සහ වෛද්‍ය මධ්‍යස්ථානද මෙය තුළ ඇත. දින තුනක් පුරා කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ Artania නෞකාව පෙබරවාරි 16 වැනිදා ඉන්දුනීසියාවේ පුලායු වේ වරාය වෙත දියත්වී තිබේ.

Visits: 68

Leave a Reply

Your email address will not be published. Required fields are marked *