කිමාලි ප්‍රනාන්දු වැලිබල් වන් වෙතින් සමුගනී
කිමාලි ප්‍රනාන්දු වැලිබල් වන් වෙතින් සමුගනී
වැලිබල් වන් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන සාමාජිකාවක ලෙස කටයුතු කළ කිමාලි ප්‍රනාන්දු මහත්මිය පෙබරවාරි 11 වැනිදා සිට එම ධුරයෙන් ඉවත් වන බව වැලිබල් වන් පීඑල්සී සමාගම නිවේදනය කරයි.
ඇය මෙරට සුප්‍රසිද්ධ ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘවරයා වන මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මලික් ප්‍රනාන්දු මහතාගේ බිරිඳයි.
කිමාලි ප්‍රනාන්දු මහත්මිය මේ වනවිට සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිනිය ලෙසද කටයුතු කරයි.
මෙලෙස ඇය වැලිබල් වන් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වීමට හේතුව රජයේ ආයතනයක ප්‍රධාන ධුරයක් භාර ගැනීම බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
කිමාලි ප්‍රනාන්දු මහත්මිය වසර කිහිපයක්ම වැලිබල් වන් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කළාය. ඇය එම ධුරයෙන් ඉවත් වන විට ඇය සතුව සමාගමේ කොටස් 800,000 ක් පැවැති බවත් වැලිබල් වන් පීඑල්සී පවසයි.
Hits: 238