සාම්ප්‍රදායික මැණික් හා ස්වර්ණාභරණ ශිල්පීන් ලියාපදිංචි කිරීමට යයි

සාම්ප්‍රදායික මැණික් හා ස්වර්ණාභරණ ශිල්පීන් ලියාපදිංචි කිරීමට යයි

මෙරට සිටින මැණික් කැපුම්කරුවන්, ගෙවුඩ තාපකරණ තාක්ෂණික ශිල්පීන් ඇතුළු සාම්ප්‍රදායික මැණික් හා ස්වර්ණාභරණ ශිල්පීන් සහ ස්වර්ණාභරණ ශිල්පීන්ගේ සංගම් ලියාපදිංචි කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණයක් ගෙන තිබේ. 

සාම්ප්‍රදායික මැණික් සහ ස්වර්ණාභරණ ශිල්පීන් දිරිගැන්වීමේ අරමුණ පෙරදැරිව සහ අනාගතයේදී ලබාදීමට අපේක්ෂිත විවිධ සහන, දිරිගැන්වීම් සහ ප්‍රතිලාභ ලබාදීම පහසු කරවීම පිණිස මෙම ලියාපදිංචිය සිදු කරන බව එම අධිකාරිය පවසයි.

මෙහිදී ලියාපදිංචි වන ස්වර්ණාභරණ ශිල්පීන් සහ සංගම් සඳහා ආභරණ නිෂ්පාදනයේදී නිරන්තරයෙන් යොදා ගනු ලබන උපකරණ කට්ටල ලබාදීම, කර්මාන්තයේ ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳ වැඩමුළු පැවැත්වීම, ප්‍රාදේශීය වශයෙන් ප්‍රදර්ශන පැවැත්වීම, දේශීය සහ විදේශීය ප්‍රදර්ශන සඳහා සහභාගිවීමේ අවස්ථාවන් ලබාදීම සඳහා යනාදී ලෙස සලකා බලනු ඇති බවත් අධිකාරිය සඳහන් කරයි.

මේ සඳහා ශිල්පීන් විසින්ම සලසන ලද නම, ලිපිනය, ඍජු දුරකතන අංකය, ජංගම දුරකතන අංකය, හැඳුනුම්පත් අංකය, සාමාජිකත්වය දරන සංගමයේ නම සහ ලිපිනය, අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් අයදුම් පත්‍රයක් අධිකාරියේ අපනයන ප්‍රවර්ධන අංශය වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.

එහිදී සියලුම අයදුම්කරුවන් තම අයදුම්පත් අධ්‍යක්ෂ (අපනයන සේවා සහ අපනයන අලෙවි), අපනයන ප්‍රවර්ධන අංශය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නො.25, ගෝල්ෆේස් ටෙරස්, කොළඹ 03 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුව ඇත. 

එම ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “මැණික් සහ ස්වර්ණාභරණ ශිල්පීන් සහ ශිල්පීන්ගේ සංගම් ලියාපදිංචි කිරීම” යනුවෙන් සඳහන් කළ යුතු බවත් එම අධිකාරිය පවසයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 011-2325364, 011-2329295, 011-2390645-8 වෙත අමතා ලබා ගත හැකිය.

Visits: 76

Leave a Reply

Your email address will not be published. Required fields are marked *