ඔටාරාගෙන් අලුත් වැඩක්

ඔටාරාගෙන් අලුත් වැඩක් 

ඔඩෙල් නිමි ඇඳුම් අලෙවි ජාලයේ මෙන්ම එම්බාර්ක් සන්නාමයේ නිර්මාතෘවරිය වන ඔටාරා ගුණවර්ධන මහත්මිය සිය ඔටාරා පදනම (Otara Foundation) හරහා නවතම ව්‍යවසායකත්ව සංවර්ධන කටයුත්තක් සඳහා අතගසා තිබේ. 

මෙහිදී එම පදනමේ මූලිකත්වයෙන් Who We Are SL ලෙස අලෙවි ප්‍රදර්ශනයක් සහ උත්සවයක් සංවිධානය කෙරී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම දේශීය සන්නාම සහ දේශීය නිෂ්පාදකයන් වෙත සිය නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා වේදිකාවක් බවට පත් කිරීම අරමුණින් ආරම්භ කෙරී තිබේ.

ලබන අප්‍රේල් මස 4 සහ 5 දෙදින තුළ පැවැත්වීමට නියමිත මෙම Who We Are SL ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල සඳහා ඉදිරිපත් කෙරෙන නිෂ්පාදනවල සැපයුම්කරුවන්ගේ හමුවක් පසුගියදා පැවැත්වී තිබේ.

මේ වනවිට ඊට අදාළ නිෂ්පාදකයන් කැඳවා ගැනීමේ දැන්වීමක් ඔබත් “ශ්‍රී ලාංකික” සන්නාමයක් හෝ නිෂ්පාදකයෙක්ද? යන මැයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය තුළ ප්‍රචාරය කෙරෙමින් පවතී.

“ඔබත් දේශීය වෙළෙඳ සන්නාමයක් හෝ නිෂ්පාදකයෙක් නම් දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ වෙළෙඳ පොළක් ගැන සිහින මවන්නේ නම් මේ ඔබේ අවස්ථාවයි එම දැන්වීමේ සඳහන්ව තිබේ.

මෙහිදී කලා හා ශිල්ප, නැවුම් කාබනික නිෂ්පාදන, විලාසිතා හා ස්වර්ණාභරණ, ආහාර පාන, රූපලාවන්‍ය, ශරීර සුවතා සේවා යටතේ මෙම සන්නාම සහ නිෂ්පාදන ඉදිරිපත් කළ හැකිය.

සිය නිෂ්පාදන හෝ වෙළෙඳ සන්නාමය පිළිබඳ කෙටි හැඳින්වීමක් සහ ඡායාරූප කිහිපයක් සමග info@otarafoundation.com ඊමේල් ලිපිනයට පණිවුඩයක් එවන ලෙසද එම පදනම ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියි.එසේම ඔටාරා පදනම, නො.73 ජාවත්ත පාර, කොළඹ 05 ලිපිනයෙන් සහ දුරකතන අංක 077 0153497 හෝ 077 336 3899 දුරකතන අංකයෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකි බවත් ඔටාරා පදනම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 239

Leave a Reply

Your email address will not be published. Required fields are marked *