ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක 50 කින් අඩු කිරීමට තිරණය කළ බව පවසයි. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.50 ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.50ක් දක්වා අඩු කෙරී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඊයේ සන්ධ්‍යාවේදී මෙම මහ බැංකු මුදල් මණ්ඩල හමුව පැවැත්වී ඇත.

විශේෂයෙන්ම දේශීය ආර්ථිකයේ සහ මූල්‍ය වෙළෙඳ පොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්තමාන සහ බලාපොරොත්තු සහගත සංවර්ධනය පිළිබඳ සියුම්ව සිදුකළ විශ්ලේෂණයකට අනුව මෙලෙස ප්‍රතිපත්ති පොළී අනුපාතික පහත හෙළූ බව මහ බැංකු මුදල් මණ්ඩලය පවසා සිටියි.

මෙම තීරණය දැනට වෙළෙඳපොළේ පවතින ණය පොලී අනුපාතික තවදුරටත් පහත හෙලීමට හේතුවක් වෙනු ඇති බවත් එය රටෙහි ආර්ථික කටයුතු යළිත් ප්‍රකෘතිමත් කිරීමට දායක වෙනු ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි. එසේම මේ හරහා රටෙහි උද්ධමනය තවදුරටත් 4%ත් 6%ත් අතර තනි අගයක පවත්වාගෙන යා  හැකි වෙනු ඇතැයිද මහ බැංකුව අපේක්ෂා කර සිටියි.

පසුගිය දෙසැම්බර් මාසයේ 26 වැනිදා අවසන්වරට රැස්වුණු මහ බැංකු මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කෙරුණු අතර, එහිදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7.00 ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.00ක් ලෙස පැවතුණි. නව රජය බලයට පත්වීමෙන් අනතුරුව පැවැත්වුණු පළමු මහ බැංකු මුදල් මණ්ඩල හමුව වූ එම අවස්ථාවේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුවීමක් බලාපොරොත්තු වුවත් එලෙස සිදු නොවුණි.

Visits: 137

Leave a Reply

Your email address will not be published. Required fields are marked *