ගුවන් තොටුපොළ පුළුල් කිරීමට ආයෝජන මණ්ඩලයේ ඉඩමක් නොමිලේම ලබා දීලා…

කටුනායක ගුවන් තොටුපොළ වෙත පවතින මගී තදබදය අවම කිරීමේ අරමුණින් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ නව ප්‍රවේශ මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 

එහිදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමාගම මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 600කි. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය කියාත්මක කරයි. 

මෙම ප්‍රවේශ මාර්ගය පුළුල් කිරීම සඳහා ගුවන් තොටුපොළ ඉදිරිපිට තිබූ ආයෝජන මණ්ඩලයට අයත් ඉඩමක් නොමිලේම ලබා දුන් බව එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

මෙම නව ප්‍රවේශ මාර්ගය පුළුල් කිරීමත් සමග කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක අන්තයේ පවතින තදබදය අවම වනු ඇතැයි අමත්‍යාංශය විශ්වාසය පළ කරයි.

එසේම ගුවන් තොටුපොළ ඉදිරිපිට ඇති තදබදයද මින් සම්පූර්ණයෙන්ම අවසන් වෙනු ඇතැයිද ඔවුන් පවසයි. 

ලබන මාර්තු 20 වැනිදා වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

Visits: 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *