ප්‍රාග්ධන වෙළෙඳ පොළ ගැන සහ එහි ආයෝජනය කිරීම ගැන ඉගෙනීමට SEC වෙතින් පාඨමාලා දෙකක්…

ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව වෘත්තිකයන් වෙත උසස් දැනුමක් හිමි කරදීමේ අරමුණින් සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ ආයෝජකයෙකු බවට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් Diploma in Capital Markets සහ Programme in Investing ලෙස පාඨමාලා දෙකක් ක්‍රියාත්මක කරවීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂම (SEC – Securities and Exchange Commission) පියවර ගෙන ඇත.

මෙම පාඨමාලා ද්විත්වයම ලබන පෙබරවාරි 15 වැනිදා (සෙනසුරාදා) ආරම්භ වෙයි. කොළඹ 01, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සුරැකුම්පත් හා විනිමය කොමිෂමේ ප්‍රධාන කාර්යාලයේදී මෙම පාඨමාලා පැවැත්වෙයි.

පාඨමාලා සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙයි.

මේ අතරින් Diploma in Capital Markets පාඨමාලාව මැදි සහ ඉහළ මට්ටමේ වෘත්තිකයන් වෙත වෙන් කෙරී ඇත. එක්සත් රාජධානියේ සුරැකුම්පත් සහ ආයෝජන පිළිබඳ වරලත් ආයතනය (CISI) හා ඒකාබද්ධව මෙම පාඨමාලාව පැවැත්වෙයි.

මෙමගින් ප්‍රාග්ධන වෙළෙඳ පොළ සිද්ධාන්ත සහ ආයෝජන සහ සුරැකුම්පත් පිළිබඳව උසස් දැනුමක් ලබා දීම සැලසුම් කෙරී ඇත. 

මාස 07ක කාලයක් පුරා මෙම පාඨමාලාව සංවිධානය වී තිබේ. පාඨමාලාවේ ගාස්තුව රුපියල් 36,000 කි. CISI හි ගාස්තුව ස්ටර්ලිං පවුම් 150 කි. 

පාඨමාලාව පිළිබඳ තොරතුරු දුරකතන අංක 011 2 143821/7 හෝ 0112 143 843 අමතා ලබා ගත හැකිය. එසේ නැත්නම් www.sec.gov.lkහෝ www.cmetsec.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැක.

Programme in Investing පාඨමාලාමාව මගින් ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ ආයෝජනයේදී දැනගත යුතු මූලික කාරණා පිළිබඳව දැනුම ලබා දෙයි. 

එහිදී විශේෂයෙන්ම ආයෝජන තීන්දු ගැනීමේදී ආයෝජකයා වඩාත් දැනුම්වත්භාවයෙන් යුක්තව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම මේ හරහා සැලසීම අරමුණ වී තිබේ.

මේ යටතේ ආයෝජනය සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව හැඳින්වීම, ආයෝජනයේ වැදගත්කම, ආයෝජනයේ පවතින මිත්‍යාමත සහ අත්වැරදීම් මෙන්ම තැරැව්කරුවන් සතු වගකීම්, මූල්‍ය වාර්තා විශ්ලේෂණය, ණය, බැදුම්කර, ණය කර වැනි ණය උපකරණ තුළ ආයෝජන සිදු කිරීම, ඒකක භාර තුළ ආයෝජනය මෙන්ම ආයෝජක ආරක්ෂාව සම්බන්ධයෙන්ද දැනුම ලබා දෙයි.

පෙබරවාරි 15 වැනි දා සිට සති හයක කාලයක් පුරා පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා මෙම පාඨමාලාව පැවැත්වෙයි. පාඨමාලාව සඳහා ගාස්තුව රුපියල් 5,000 කි. 

මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම් පිළිබඳ තොරතුරු 011 2 143 823 හරහා හෝ priyadarshini@sec.gov.lk වෙත ඊ-මේල් පණිවුඩයක් යැවීමෙන් හෝ ලබා ගත හැකිය. 

එසේ නැත්නම් www.sec.gov.lk හෝ www.cmetsec.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් තොරතුරු ලබා ගත හැක.

Visits: 126

Leave a Reply

Your email address will not be published. Required fields are marked *