Galaxy Watch4 සහ Buds2 සමඟින් ඔබගේ එදිනෙදා ජීවිතය සැහැල්ලූවෙන් ගත කිරීමේ අවස්ථාව

smartphone, earbuds සහ ඔරලෝසුව වැනි ප‍්‍රයෝජනවත් පැළඳිය හැකි devices එදිනෙදා ජීවිතයේදී අපට නැතිවම බැරි අත්‍යාවශ්‍ය දේවල් බවට පත් වී ඇත. ඒ අනුව එම අවශ්‍යතා සපුරා දෙන උසස් තාක්ෂණයක් සහිත නව Galaxy Watch4 සහ Buds2 සැම්සුන් දැන් වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබේ.

මෙම devices ද්විත්වය ඔබට විවිධ මාධ්‍ය අන්තර්ගතයන් අත්විඳීමේ පහසුව සලසා දෙන අතර ඔබව බාහිර ලෝකයට සම්බන්ධ කරන සේවාවක් ලෙසත් ඔබගේ දෛනික කාලසටහන සහ සෞඛ්‍යය කළමනාකරණය කරන පෞද්ගලික සහායකයකු ලෙසත් මෙම devices ක‍්‍රියා කරයි.

Galaxy Watch4’s Wearable Ecosystem
සැම්සුන් හි One UI Watch සහ Wear OS විශේෂාංගවලින් බලගැන්වුනු Galaxy Watch4 ඔබගේ smartphone එක හා සමානව ක‍්‍රියාත්මක වෙයි. අප දවසකට apps ගණනාවක් භාවිතා කරන නිසා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ විවිධ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද නව ඒකාබද්ධ smartwatch වේදිකාවක් සහිත වඩාත් වැඩිදියුණු කළ apps වලින් ද Galaxy Watch4 සමන්විත වෙයි.

Galaxy Watch4 පරිශීලකයින්ට අඛණ්ඩ කැමරා අත්දැකීමක් ද ලබා දෙයි. පරිශීලකයින් camera shutter එකක් ලෙස ක‍්‍රියා කරන කැමරාව සඳහා ඇති app එක tap කරන විට, ඔවුන්ගේ smartphone කැමරා app එක ස්වයංක‍්‍රීයව විවෘත වේ. මෙම smartwatch එක ඔබට කැමරාවක් ද ලෙස ද භාවිතා කළ හැකි අතර විවිධ කෝණවලින් ඡුායාරූප ගැනීමේදී එය වඩාත් ප‍්‍රයෝජනවත් බවක් ලබා දෙයි.

පාරිභෝගිකයාට ගැලපෙන පරිදි නිර්මාණ කර ඇති Galaxy Watch4
Galaxy Watch4 message යවන app එකක්, දින දර්ශනයක් හෝ media player වැනි ඕනෑම app එකක් සමඟින් ක‍්‍රියා කරමින් සෑම මොහොතකම ඔබ සමඟ සිටී. මෙම device එක ඔබගේ ජීවන රටාවට ගැලපෙන පරිදි සකස් කරගත හැකිය. විවිධ ක‍්‍රීඩා කිරීමට කැමති සහ සෞඛ්‍යය ගැන උනන්දුවක් දක්වන පරිශීලකයින්ට ඔවුන්ගේ ශරීරය ක‍්‍රියාත්මක වන ආකාරය දැන ගැනීමට මෙම device එක කදිමය. මෙම අවශ්‍යතාවය වඩාත් පිළිබිඹු කිරීම සඳහා සැම්සුන් Galaxy Watch4 හට නව සැම්සුන් BioActive Sensor විශේෂාංගයක් ද හඳුන්වා දී තිබේ. පරිශීලකයින් එය පැළැඳ ගෙන සිටියදීම ඔවුන්ගේ ශරීර යෝග්‍යතාවය හා විවිධ සෞඛ්‍ය පිළිබඳ තොරතුරු ක්ෂණිකව බලාගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.

ඔබට ඔබගේ ශරීරය ගැන වඩාත් හොඳ අවබෝධයක් ලබා ගැනීමට හා ඔබගේ ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට කැමති නම් Galaxy Watch4 සතු Sleep function විශේෂාංගය පිළිබඳව දැන ගැනීම වටී. ඔබ Galaxy Watch4 පැළඳ එහි ඇති Blood Oxygen During Sleep විශේෂාංගය ක‍්‍රියාත්මක කර නින්දට යන්නේ නම් ඔබ නිදා සිටියදීම ඔබගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම් පිළිබඳ සවිස්තරාත්මක ප‍්‍රස්තාරයක් එය ඔබට ලබා දීමෙන් ඔබව මවිත කරනු ඇත.

කාර්යයබහුල දිනයන් හිදී එය වඩාත් යෝග්‍යයි
අප දිනකට බොහෝ වාරයක් අපගේ ඔරලෝසු මුහුණත දෙස බලන නිසා, එහි display පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. ඒ අනුව Display එක සැලකීමේදී Galaxy Watch4 pixels 396×396 අගයකින් යුතු AMOLED display එකකින් ද Galaxy Watch4 Classic 450×450 pixels AMOLED display එකකින්ද සමන්විත වේ.

මීට අමතරව, පරිශීලකයින්ට ඔවුන්ට සිතැඟි පරිදි apps, ගීත සහ ඡුායාරූප ගබඩා කිරීමට හැකි වන පරිදි මෙම devices 16GB දක්වා මතක ධාරිතාවකින් ද සමන්විත වීම මෙහි ඇති තවත් සුවිශේෂත්වයකි. මෙම devices fast charging වලටද සහය දක්වන අතර පැය 1.8 ක් සම්පූර්ණයෙන් charge කළ විට පැය 40 ක් දක්වා පරිශීලකයින්ට එය භාවිතා කළ හැකිය.

සුවපහසු සහ සෞන්දර්යාත්මක බවින් යුතු Galaxy Buds2
ඔබ බොහෝ දුර ගමන් කරන විට හෝ යමක් කෙරෙහි අවධානය යොමු කිරීමට කැමති අවස්ථාවකදී earphones අත්‍යවශ්‍ය සාධකයකි. Earphones සැලකීමේදී එහි වැදගත්ම අංගය වන්නේ සුවපහසු බවයි. ඔබ දවස පුරාම එය පැළඳ ගෙන සිටින්නේ නම්, එමගින් ඔබට අවශ්‍ය වන්නේ හැකිතාක් සුවපහසු බවක් අත්විඳීමටයි. සැම්සුන් Galaxy Buds2 සමඟින් ප‍්‍රමාණ තුනකින් earbud tip ඔබට ලබා දෙන නිසා ඔබගේ කනට නිවැරදිව ගැලපෙන ප‍්‍රමාණය තෝරාගත හැකිය.

Galaxy Buds2 හි Active Noise Cancellation (ANC) විශේෂාංගය අනවශ්‍ය ශබ්ද අවහිර කරමින් පරිශීලකයින්ට ඔවුන්ගේ ප‍්‍රියතම අන්තර්ගතයට බාධාවකින් තොරව සවන් දීමට හැකියාව ලබා දෙයි. මහා මාර්ගයේ traffic අවස්ථාවකදී පවා ANC විශේෂාංගය භාවිතා කර ඔබට වින්දනාත්මක අත්දැකීමක් භුක්ති විඳීමට හැකි වේ.

Galaxy Buds සමඟ හඳුන්වා දී ඇති Auto Switch විශේෂාංගය භාවිතා කර පරිශීලකයින්ට පහසුවෙන් devices අතර මාරු විය හැකි අතර පරිශීලකයාට කැමති පරිදි වෙනස් කරමින් Galaxy Buds2 Galaxy Watch4 වෙත සම්බන්ධ කළ හැකිය. මෙම විශේෂාංගය නිසා සම්බන්ධ කිරීමේදී හෝ විසන්ධි කිරීමේදී ඇති වන බාධාවන් මගහරවා ගනිමින් Galaxy Buds2 සෑම Galaxy device එකක් සමඟම ක්ෂණිකව සම්බන්ධ වේ.

Visits: 102