Unisyst Engineering PLC කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් වීමට SEC අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Unisyst Engineering PLC සමාගමෙහි (ALUF.N0000) කොටස් එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීම සදහා පියවර ගන්නා බව එම සමාගම සඳහන් කරයි.

මේ සඳහා වන අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා විනිමය හා සුරැකුමපත් කොමිසමද පසුගිය අප්‍රේල් 09 වැනිදා කටයුතු යොදා තිබේ.

ඒ අනුව සමාගමෙහි සියලු කොටස් හිමිකරුවන් වෙත කොටසක් සඳහා රුපියල් 6.00ක් බැගින් ලබා දෙමින් මෙම කොටස් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරගැනීම Unisyst Engineering PLC සමාගමෙහි සැලසුම වී තිබේ.

හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන Unisyst Engineering PLC සමාගම ඇලුමිනියම් නිෂ්පාදන පිරිසැකසීම සහ නිෂ්පාදනයේ යෙදුනු සමාගමකි.

2023 දෙසැම්බර් 31 වැනිදා වන විට එම සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 28,739,393ක් එනම් 65.14෴ක ප්‍රතිශතයක් Advantis Projects and Engineering (පෞද්) සමාගමට අයත් වෙයි. එසේම ඉතිරි කොටස් 34.78෴ක ප්‍රතිශතය කොටස් හිමිකරුවන් 1,680ක් අතර බෙදී ගොස් තිබේ.

අවසන් වරට Unisyst Engineering PLC සමාගමේ කොටස් ගනුදෙනු සිදු වුණු 2023 ජූලි 20 වැනිදා සමාගමේ කොටසක වටිනාකම රුපියල් 5.80ක් ලෙස සටහන් විය.

Visits: 0