දර්ශන්ගේ Nihonbashi අවන්හල කොළඹ වරාය නගරයට එයි

ප්‍රවීණ සූපවේදි දර්ශන් මුනිදාස මහතාගේ Nihonbashi අවන්හල ඊයේ දිනයේදී කොළඹ වරාය නගරයේදී විවෘත කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් මෙය විවෘත කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩේකි සහ චයිනා හාබර් ඉංජිනියරිං සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂිඔන්ග් හොන්ග්ෆෙන්ග් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

මුනිදාස මහතා විසින් පළමු Nihonbashi අවන්හල විවෘත කරන ලද්දේ 1995 වසරේදී ගෝල්ෆේස් ටෙරස්හිදීය. දේශීය මෙන්ම විදේශීය ජනතාව අතරත් Nihonbashi අවන්හල වඩාත් ප්‍රසිද්ධියට පත්විය.

ලබන මැයි 01 වැනිදා සිට කොළඹ වරාය නගරයේ Nihonbashi අවන්හල කලින් වෙන් කර ගැනීම් සඳහා විවෘත වන බවත් සඳහන් වෙයි.

Views: 0