පෝර්ට් සිටියේ ආයෝජන සැලසුම් ගැන ආර්ථික කොමිසමේ සභාපති සහ LOLC ප්‍රධානීන් අතර සාකච්ඡාවක්

කොළඹ වරාය නගරය හෙවත් කලම්බු පෝර්ට් සිටිය තුළ LOLC Holdings PLC සමාගම් සමූහය සිදු කරන ආයෝජන සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා පවසයි.

පසුගියදා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වීරක්කොඩි මහතා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව LOLC සමාගම් සමූහය සිදු කරන මෙම ආයෝජන සහ සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී එම සමූහයේ ප්‍රධානීන් වන ඉෂාර නානායක්කාර සහ කපිල ජයවර්ධන යන මහත්වරුන් සමගින් දාකච්ඡා කෙරුණු බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

LOLC Holdings PLC සමූහය කොළඹ වරාය නගරය තුළ හෝටලයක් ඇතුළුව ව්‍යාපෘති සඳහා දැනටමත් සිය මුදල් ආයෝජනය කිරීමට පියවර ගෙන තිබේ. එම සමූහය සිය ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හරහා මෙම ආයෝජන සිදු කරයි.

Views: 0