ශ්‍රී ලංකාව තුළ දිගු කාලයක් රැඳී සිටීමේ පහසුව ඇතුළත් නව eVisa ක්‍රමවේදයක් එළිදක්වයි

 අලුතෙන්ම දියත් කළ  www.srilankaevisa.lk  වෙබ් අඩවිය මගින් පැවති ඉලෙක්ට්‍රොනික ගමන් සහතික කරන පද්ධතිය (ETA) ප්‍රතිස්ථාපනය කරමින් නව සේවා රැසක් හඳුන්වාදෙයි.

නව්‍ය තාක්ෂණයෙන් බලගැන්වූ මෙම පද්ධතිය මගින් විදේශයන් හී සිටින වීසා අයදුම්කරුවන්ගේ කෙටි කාලීන, දිගුකාලීන, හුවමාරු, ගෙවීම් රහිත ආදී වීසා කාණ්ඩ 15ක් පමණ ද මාසයේ සිට වසර 10ක් දක්වා වූ රට තුළ රැඳී සිටීම් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කරයි.

නව eVisa පද්ධතිය 2024 අප්‍රේල් 17වැනිදා සිට ක්‍රියාත්මක වෙයි. මෙම යාවත්කාලීන කිරීම ශ්‍රී ලංකා රජයේ වීසා පද්ධතිය නවීකරණය කර පහසුකිරීමේ සහ ශ්‍රී ලංකාව ගෝලීය සංචාරක සංධිස්ථානයක් කිරීමේ සංකල්පය මත පදනම් වෙයි.

පෙර පැවති ETA පද්ධතිය තුළින් SAARC රටවල සංචාරකයන්ට උපරිම දින 30ක් පමණක් සංචාරක වීසා වලංගු වී තිබිණි. නමුත් නව යාවත්කාලීන කිරීම යටතේ SAARC රටවල සංචාරකයන්ට මෙන්ම SAARC නොවන රටවල සංචාරකයන්ට ද මාස 6 කාණ්ඩය යටතේ දින 60ක් දක්වා වීසා දීර්ඝ කර ගැනීමේ හැකියාව ලබාදී තිබේ. මෙම නව්‍ය ඩිජිටල් වේදීකාව හරහා පෙර පැවති පද්ධතිය තුළින් ලබාගැනීමට නොහැකි වූ වාර කිහිපයක් පැමිණීමේ වීසා ලබාගැනීමේ පහසුව ආදී සියලු පහසුකම් එකම තැනකින් ඉක්මනින් සහ පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව උදාකර තිබේ.

චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය ආදී රටවල් 7කට වීසා නොමැතිව ඇතුළුවීමේ පහසුකම් පෙර පරිදිම ලබා දී ඇති අතර එය 2024 අප්‍රේල් 30 දක්වා වලංගු වෙයි. තවද සිංගප්පූරුව, මාලදිවයින, චෙක් ජනපදය සහ සීෂෙල්ස් යන රටවලට ද මෙම වීසා රහිත පහසුකම දීර්ඝ කර තිබේ.

මෙම ඩිජිටල් වේදීකාවේ ආරක්ෂාව සහ භාවිත පහසුව වැඩිදියුණු කර ඇති අතර නව ආකර්ෂණීය යෙදවුම් හරහා වඩාත් සුවපහසු සහ භාවිතා කරන්නාට ලේසියෙන් කටයුතු කරගෙන යා හැකි ක්‍රමවේදයක් සකස් කර තිබේ. මෙහි ඉංග්‍රීසි, ද්‍රවිඩ, රුසියානු, මැන්ඩරීන්/කැන්ටනීස් සහ ජර්මන් භාෂාවලින් භාවිත පහසුකම් සකසා තිබේ එසේම පැය 24 පුරා ක්ෂණික පාරිභෝගික සේවාවක් ලබාගගැනීම තුළින් භාවිතා කරන්නාට ප්‍රසස්ථ අත්දැකීමක් ලබාගැනීමට අවකාශය සළසා ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTDA) දත්ත වලට අනුව මෑත කාලයේ ශ්‍රී ලංකාවට විශාල සංචාරක පැමිණීමක් වාර්තා කරයි. එය වසරේ මුල් කාර්තුවේ පමණක් 600,000ක් දක්වා වූ අගයක් වෙයි. සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ වර්ධනය, 2018 වසරේ පූර්ව වසංගත මට්ටම් කරා ළඟා වෙමින් පවතින අතර 2024 මිලියන 2.3ක් වූ සංචාරකයන් රට තුළට පැමිණීමේ ඉලක්කයට යන ගමනේ දී 2023 වසර වන විට සංචාරකයන් මිලියන 1.48ක් ශ්‍රී ලංකාව තුළට ගෙන්වා ගැනීමට සමත්වී තිබීම විශේෂත්වයකි. එසේම ක්‍රමයෙන් සංචාරක පැමිණීමේ ඉලක්කය කරා යාමට මේ තාක්ෂණික වැඩි දියුණු කිරීම් ඉවහල් වෙයි.

මෙම නව වීසා ලබාගැනීමේ ඩිජිටල් පද්ධතිය ලංකාව තුළ සංචාරය, වෙළඳාම සහ ව්‍යාපාරික අවස්ථා වැඩිදියුණු කිරීමට ඉවහල් වෙන අතර සංචාරක කර්මාන්තය ගුණාත්මකව නඟා සිටුවීම සහ ජාත්‍යන්තර සබඳතා වර්ධනය තුළින් වඩාත් සීඝ්‍ර ආර්ථික දියුණුවක් කරා යාමේ රජයේ උපායමාර්ගික දැක්ම සමග මෙම තාක්ෂණික වැඩිදියුණු කිරීම් සමපාත වෙයි.

Views: 0