‘ASPI‘ ගණනය කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වාදීම’ විශේෂ වැඩසටහන අද සවස 6.00ට

කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීම සඳහා හඳුන්වාදීමට යෝජිත නව ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (නොවැ. 23දා) පවත්වන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

“සියලු කොටස් මිළ දර්ශකය ගණනය කිරීමේ නව ක්‍රමවේදය හඳුන්වාදීම”  යන මැයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන අද පස්වරු 6.00 සිට 7.00 දක්වා කොළඹ කොටස් හුවමාරුවෙහි නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව පැවැත්වෙයි.

මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය කොළඹ කොටස් හුවමාරුවෙහි පර්යේෂණ සහ උපාය මාර්ග පිළිබඳ ප්‍රධානී නිශාන්ත හේවාවිතාන මහතා විසින් ලබා දෙන අතර, වැඩසටහන මෙහෙයවීම NDB Capital Holdings සමාගමේ පර්යේෂණ ප්‍රධානී වජිරපානි බණ්ඩාරනායක විසින් සිදු කරයි. ආයෝජක ඔබට “සියලු කොටස් මිළ දර්ශකය ගණනය කිරීමේ නව ක්‍රමවේදය” පිළිබඳව පවතින ගැටලු වැඩසටහන ආරම්භයට පෙර https://lnkd.in/gUffVGZv ඔස්සේ තමන් වෙත එවන ලෙසද කොළඹ කොටස් හුවමාරුව දැනුම් දෙයි.

Visits: 305