ගලදාරි හෝටලය එමීරයේ බැංකුවකින් ඉල්ලූ ඩොලර් මිලියන 20ක ණයට කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත හෝටල් සමාගමක් වන ගලදාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී සමාගම (GHLL.N0000) මගින් එක්සත් අරාබි එමීරයේ Mashreq Bank PSC මගින් ඉල්ලා තිබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 20ක ණය මුදල සඳහා අනුමැතිය ලබාදීමට එම සමාගමෙහි කොටස්හිමිකරුවන් කටයුතු යොදා ඇතැයි පවසයි.

ඊයේ (18දා) පැවැත්වුණු ගලදාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී සමාගමෙහි අතිවිශේෂ මහා සභා රැස්වීමේදී ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කෙරී ඇති අතර, කොටස්හිමිකරුවන් මෙලෙස ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ගලදාරි හෝටලය බලාපොරොත්තු වන මෙම ඩොලර් මිලියන 20ක ණය මුදල තුළ එක්සත් අරාබි එමීර ඩිනාර් 73,400,000ක් සහ එක්සත් අරාබි එමීර ඩිනාර් 14,680,000ක් දක්වා වන හරිත ණය වාරිකයක්ද ඇතුළත් වන බවත් පැවසෙයි.

Mashreq Bank PSC මගින් ලබා ගැනීමට බලාපොරොත්තු වන මෙම ණය මුදල මගින් ගලදාරි හෝටලයේ අලුත්වැඩියා කිරීම සමාගමේ අරමුණ වී තිබේ.

කෙසේ වෙතත් මෙලෙස අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා වන කටයුත්ත වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව ඇතුළු නියාමන ආයතනවල අනුමැතිය ලබා ගතයුතුව ඇතැයිද ගලදාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී සමාගම පවසයි.

කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයක් වන ගලදාරි හෝටලය අයත් ගලදාරි බ්‍රදර්ස් කම්පැනි සමාගම, මේ වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් අරාබි එමීරයේ Mashreq Bank PSC බැංකුව සමගින් අදාළ ණය මුදල පිළිබඳ එකඟතාවට පැමිණීම සිදුවිය.

2023 නොවැම්බර් 13 වැනිදා වනවිට ගලධාරි හොටේල් (ලංකා) පීඑල්සී සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවන්නේ ගලධාරි බ්‍රදර්ස් කම්පැනි සමාගමයි. එය කොටස් 318,395,504ක් වන අතර එය සමස්ත කොටස් අතරින් 63.57%ක ප්‍රතිශතයකි. එසේම අයිස්බර්ග් 2 ලිමිටඩ් සමාගම වෙත සහ සේවක අර්ධසාධක අරමුදල වෙත පිළිවෙලින් කොටස් 29,510,817ක් සහ 23,712,200ක් හිමිව තිබේ. එය පිළිවෙලින් 5.89%ක සහ 4.73%ක ප්‍රතිශතයකි.

Visits: 0