SLIIT-UNI විශ්වවිද්‍යාලය ‘The Asia Awards’ නියෝජනයට වරම් ලැබූ ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය බවට පත් වෙයි

මෙම වසරේ ‘The Asia Awards -2024’ – Oscars of Higher Education නම් වූ ආසියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සම්මාන උළෙලට නියෝජනය වූ ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය බවට පත්වීමට SLIIT-UNI සමත් වූ බව පවසයි.

මෙය සරසවියේ තවත් උච්චතම ජයග්‍රාහී සංධිස්ථානයක් සනිටුහන් කිරීමේ අවස්ථාවක් ලෙස සැලකෙන බව එම ආයතනය සඳහන් කර සිටියි.

එක්සත් රාජධනියෙන් ආරම්භ වී 2019 වන විට ආසියාකරය දක්වා පැතිරුණු මෙම ආසියානු උසස් අධ්‍යාපන ඔස්කාර් සම්මාන උළෙලේ දී, ආසියානු මහාද්වීපය පුරා විහිදුණු පූළුල් විශ්වවිද්‍යාල ජාලය අතරින් තෝරාගත් අධ්‍යයන විශිෂ්ඨත්වයන් සහ නෝවොත්පාදන ඇගයීමට ලක් කරයි.

මෙම වසරේ ඉදිරිපත් වූ ආසියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 600 කට අධික නව පර්යේෂණ අතරින් SLIIT-UNI ආයතනය අවසන් වටයේ නියෝජනයක් බවට පත්වීම මෙන්ම එය ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම විශ්වවිද්‍යාලය වී තිබේ.

SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ මහාචාර්ය රුවන් ජයතිලක මහතාගේ අධීක්‍ෂණය යටතේ, එම පීඨයේ තවීෂා ජයවර්ධන, සචිනි අනුත්තරා, තමාෂා නිම්නාදි සහ රිද්මි කරදනාආරච්චි යන උපාධි අපේක්ෂකයින් විසින් ‘වැඩිහිටි ජනගහනය සහ ගෝලීය ආර්ථිකය’ (Elderly Population and Global Economies) යන මාතෘකාව යටතේ සිදු කළ පර්යේෂණ ව්‍යාපෘතිය මෙම පිළිගැනීමට ලක්ව තිබේ.

මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රතිඵල ලෙස උසස් මට්ටමේ Q1 Scopus ප්‍රමිතියේ ශාස්ත්‍රීය සඟරා තුනක ම පර්යේෂණ පත්‍රිකා පලකරන්නට හැකි වීම පර්යේෂයෙකුට කලාතුරකින් ලැබෙන ගෞරවයක් වන්නේය. එවැනි පෙර අත් නොවිඳි පිළිගැනීමක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව තුළ උසස් මට්ටමේ පර්යේෂණවල යෙදීම, ගෝලීය අධ්‍යයන පසුතලයේ SLIIT ආයතනය අත්කරගෙන ඇති කැපී පෙනෙන ස්ථානය තව දුරටත් තහවුරු කරයි.

Visits: 0