ලොව වටිනාකම ඉන්ධන සහ ගෑස් සන්නාමය Shell – සිව්වැනි තැන Sinopec

2024 වසරේදී ලොව වටිනාකම ඉන්ධන සහ ගෑස් සන්නාමය බවට ෂෙල් (Shell) සමාගම පත්ව තිබේ. සන්නාම වර්ගීකරණය පිළිබඳ ලොව සුප්‍රසීද්ධ Brand Finance ආයතනය මගින් නිකුත් කළ මෙම වසර සඳහා වන වටිනාකම ඉන්ධන සහ ගෑස් සන්නාම 50 පිළිබඳ වාර්තාව මගින් මේ බව අනාවරණය කර සිටියි.

ඒ අනුව ෂෙල් සමාගම ඩොලර් බිලියන 50.3ක සන්නාම වටිනාකමක් ද සමගින් පළමු ස්ථානයට පත්ව තිබේ. පසුගිය වසරේදීද එම සමාගම මෙම ස්ථානයේ පසුවිය. මෙම දර්ශකයේ දෙවැනි ස්ථානය ඇරැම්කෝ සමාගමට හිමිව තිබේ. එහි සන්නාම වටිනාකම ඩොලර් බිලියන 41.6කි.

එසේම තෙවැනි ස්ථානය ඩොලර් බිලියන 28.5ක සන්නාම වටිනාකමක් සහිත පෙට්‍රෝචයිනා සමාගමට හිමිව තිබේ. මෙහි සිව්වැනි ස්ථානයට පත්ව ඇත්තේ සයිනොපෙක් සමාගමයි. එහි සන්නාම වටිනාකම ඩොලර් බිලියන 26.7කි. පස්වැනි ස්ථානය ඩොලර් බිලියන 18.5ක සන්නාම වටිනාකමක් සහිතව බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමට හිමිව ඇත.

මෙහිදී හය වැනි සහ හත්වැනි ස්ථාන පිළීවෙලින් ටෝටල් එනර්ජීස් (ඩොලර් බිලියන 17.0ක්) සහ ඉකුයිනෝර් (ඩොලර් බිලියන 16.8ක්) යන සමාගම් වෙත හිමිව තිබේ.  අටවැනි ස්ථානය ඩොලර් බිලියන 15.2ක සන්නාම වටිනාකමක් සමගින් ඇඩ්නොක් සාමාගමට හිමිව ඇත. මෙහි නව වැනි සහ දහවැනි ස්ථාන පිළිවෙලින් ෂෙව්රොන් සහ පෙට්‍රෝනාස් යන සමාගම් වෙත හිමිව තිබේ. ඒවායේ සන්නාම වටිනාකම් පිළිවෙලින් ඩොලර් බිලියන 14.8ක් සහ 14.6කි.

මෙම සන්නාම අතරින් චීනයේ සයිනොපෙක් සන්නාමය දැනටමත් මෙරට තුළ සිය ඉන්ධන සහ ගෑස් බෙදාහැරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ෂෙල් සමාගම දශක ගණනාවකට පසුව යළිත් මේ වසරේ තෙවැනි කාර්තුවේ සිට මෙරට තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටියි.

Visits: 0