Cinnamon Life හි කාර්යාල අවකාශයන් වෙන් කරගැනීමට දැන් අවස්ථාව

ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන Cinnamon Life හි වර්ග අඩි මිලියන 4.5 ක දැවැන්ත වපසරියකින් යුත් අසමසම වූ මහල් 30ක විසල් ගොඩනැගිලි සංකීර්ණය, ප්‍රමුඛ පෙළේ සමාගම් හි කාර්යාල අවකාශයන් සඳහා වෙන් කරගැනීමට අවස්ථාව ලබාදී තිබෙන බව පවසයි.

ඒ අනුව පිළිගත් ස්ථානයක වටිනාකම එක් කර දෙමින් ව්‍යාපාර නව මානයකට ඔසවා තැබීමට Cinnamon Life සුදානමින් සිටින බවත් එම ව්‍යාපෘතිය අයත් John Keells Properties සඳහන් කරයි.

Cinnamon Life ගොඩනැගිලි සංකීර්ණය, කොළඹ වාණිජ නගරය කේන්ද්‍ර කර ගනිමින්, කොළඹ වරාය නගරය සහ ප්‍රධාන මාර්ග සියල්ලට මැදිව උපායමාර්ගිකව පිහිටා ඇති අතර ඒ මගින් නව ආයතනික ප්‍රජාවන් එකාබද්ධ කරන ආකර්ෂණීය වූ උසස් මට්ටමේ ජීවන රටාවක් නිර්මාණය කර දේ.

එමෙන්ම Cinnamon Life කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය වෙත පැමිණෙන ඔබට, ඒ හා සම්බන්ධ Cinnamon Life හෝටලය හා සාප්පු සංකීර්ණය ඇතුළු තවත් ස්ථාන වෙත පහසුවෙන් අවතීර්ණ වෙමින්, ආහාර පාන හා භෝජන කටයුතු සහ විනෝදාස්වාදය පිරි අත්දකීමක් ලබා ගැනීමට ද අවස්ථාව හිමිවේ.

Cinnamon Life ගොඩනැගිල්ල, කාර්යාල සඳහා වෙන් වූ මහල් 24 කින් සහ රථ වාහන ගාල් කිරීම සඳහා වෙන් වූ මහල් 5 කින් සමන්විත වේ. ඒ සෑම මහලකටම වර්ග අඩි 10,564 ක ඉඩ අවකාශයන් වෙන් කර ඇත. ඉතිරි ඉඩ අවකාශයන් සියල්ල විවිධ ව්‍යාපාරවල අවශ්‍යතාවයන් සඳහා නිසි පරිදි සැලසුම් කර ඇති අතර, එය මෙහෙයුම් සහ සංවර්ධන කටයුතු සඳහා සුදුසු වූ පසුබිමක් සලසා දෙනු ලබයි.

John Keells Properties හි දේපළ කළමනාකරණ ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති රුසිරු අබේසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පැවසීය. ‘’Cinnamon Life ගොඩනැගිලි සංකීර්ණය ප්‍රමුඛතාවය ලබා දී තිබෙන්නේ අනාගතය ඉලක්ක කර ගත් ව්‍යාපාර වෙතයි. එය ව්‍යාපාරයක පරිවර්තනීය වෙනසක් රැගත් උපායමාර්ගික ආයෝජනයක්. විශිෂ්ට පහසුකම් සහිතව කොළඹ නගර මධ්‍යයේ අද්විතීය වූ ස්ථානයක ඉදිවී ඇති Cinnamon Life ගොඩනැගිල්ල දියුණුවේ ඉහළම ස්ථානය කරා ගමන් කිරීමේ ඉලක්කය සහිත පිරිස් සඳහා හොඳම තේරීමක් වනු ඇත.”

බෙරේ වැව ඇතුළුව අවට නගරයේ දර්ශන පුළුල්ව පෙනෙන සේ චමත්කාරජනක නිමාවකින් යුත් පසුබිමක් නිර්මාණය කරමින් Cinnamon Life කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ඉදිවී ඇත. එහි ඇති සුවිශේෂී වූ පහසුකම් අතරට ඉතා පහසුවෙන් සැපයුම ලබා දෙන N+1 අතිරික්ත බල සැපයුමක්, කාර්යාල සහිත මහල් සඳහා ප්‍රවේශ වීමට හැකි අධිවේගී මගී සෝපාන 8ක්, එක් එක් කාර්යාල මහල් සඳහා වෙන්වූ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන වලට අමතරව රථ ගාල් වෙත ප්‍රවේශ වීමට වෙන්වූ මගී සෝපාන 2ක් ඇතුළත් වේ.

අනෙකුත් ප්‍රධානතම පහසුකම් අතරට මධ්‍යගත වූ වායු සමීකරණ පද්ධතියක්, ටෙලිකොම් සේවා සඳහා 5G තාක්ෂණික ෆයිබර් යටිතල පහසුකම්, ලොබි වෙත පිවිසුම් ප්‍රවේශයන්, ආරක්ෂාව සහිත වූ පිවිසුම්, පිළිගැනීමේ සහ ඉදිරිපස සේවා ප්‍රදේශ ඇතුළුව සියලු ස්ථාන පැය 24 පුරාම නිරීක්ෂණය කෙරෙන CCTV ආරක්ෂක නිරීක්ෂණ සේවා සැපයුම් ඇතුළත් වේ.

මේ වන විට Cinnamon Life කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයට HCL Technologies සහ Cinnamon Hotels & Resorts වැනි පිළිගත් ගැනුම්කරුවන් පැමිණ සිය ස්ථාපිතවීම් කර ඇත. ඉහළ පෙළේ දේශීය සහ විදේශීය ව්‍යාපාර මුල් කර ගනිමින් සංවර්ධනයට ලක් වන කොළඹ නගරයේ වාණිජ පරිසරය වෙත අවතීර්ණය වෙමින් Cinnamon Life හි සුවිශේෂී වූ ස්ථානීය වටිනාකම භාවිතා කිරීමට ව්‍යාපාරික ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

Visits: 0