Marina Square වෙතින් ආයෝජකයන් වෙනුවෙන් Sky-high Sundowns නමින් සමුළු මාලාවක්

ශ්‍රී ලාංකීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව මානයන් පිළිබඳ ආයෝජකයන් දැනුවත් කිරීමෙහිලා Marina Square – Uptown Colombo විසින් “Sky-High Sundowns” යන මැයින් සුවිශේෂී ආයෝජක සමුළු මාලාවක් සංවිධානය කොට ඇතැයි පවසයි.

කොළඹ වරාය, කොළඹ නගරය හා ඉන්දීය සාගරය එකිනෙක මුසු වූ දර්ශනීය පසුබිමක් යටතේ පසුගියදා ආරම්භ කළ “Sky-High Sundowns” ආයෝජක සමුළුවේ පළමු පියවර පෙබරවාරි 29 Marina Square – Uptown Colombo හිදී පැවැත්විණි.

සමුළුව තුළ ආයෝජකයන් අතර ගොඩනැගුණු සාකච්ඡා හා විශේෂඥයන්ගේ විශ්ලේෂණාත්මක විග්‍රහයන්ගෙන් එදින පැමිණි ආයෝජකයන්ට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සුරක්ෂිත හා වැඩිම ප්‍රතිලාභ සහිත ආයෝජන හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවිය.

Sky-High Sundowns ආයෝජක සමුළුවේ සංවිධායක පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ Marina Square – Uptown Colombo විධායක අධ්‍යක්ෂ කෝසල වික්‍රමසිංහ මහතා“ මෙම සමුළුව කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කරන වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. දැනුවත් ගැනුම්කරුවන් වඩාත්ම නිවැරදි තීරණ ගන්නවා යැයි අප විශ්වාස කරනවා. දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් වෙනස් වෙන ප්‍රවණතා අවබෝධ කරගනිමින් වඩා විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමට මෙම සමුළු උපකාරී වෙනවා.” යැයි පැවසීය.

Marina Square හඳුන්වා දුන් ආයෝජකයන් අතර වඩාත් ජනප්‍රිය වූ InvestPro පහසු ගෙවීමේ ක්‍රමයේම දිගුවක් ලෙස, නූතන තරගකාරී ආයෝජන පරිසරයට වඩාත් ගැළපෙන ලෙස සකස් කළ InvestPro+ වාරික ගෙවීමේ ආයෝජන සැලසුම මෙම සමුළුවේදී හඳුන්වාදෙන ලදී.

InvestPro+ ආයෝජන සැලසුම පිළිබඳ අදහස් දැක්වූ කෝසල වික්‍රමසිංහ මහතා “15% ක මූලික ගෙවීමකින් ආරම්භ කොට පොලී රහිත වාරික කිහිපයකින් 2025 අවසානය දක්වා ගෙවීමේ හැකියාව InvestPro+ ආයෝජන සැලසුමට ඇතුළත් කොට තිබෙනවා. Marina Square – Uptown Colombo හි InvestPro+ පහසු ගෙවීමේ සැලසුම අනාගත සිහින නිවහන වෙනුවෙන් වර්තමානයේ කළ හැකි හොඳම ආයෝජනයක්. අදියර 7 ක ඉදිකිරීම් නිමා වී ඉතිරි අදියර කිහිපය ද ගොඩනැගෙමින් පැවතුණද 15% ක මූලික ගෙවීමකින් ආරම්භ කොට 2025 වසර දක්වා කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව සහිත InvestPro+ නම්‍යශීලී ආයෝජන සැලසුම කෙටි කාලයකට පමණක් හඳුන්වාදී තිබෙනවා” යැයි පැවසීය.
කාලයට ගැළපෙන ගෙවන මුදලට වඩා වටිනා නැණවත් අනාගත ආයෝජන අවස්ථාවක් වන සුන්දරත්වය හා නව්‍යකරණය මුසු සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් සමග එක්වන්නට ආයෝජකයන් දැනුවත් කරනු ලබන “Sky-High Sundowns by Marina Square” ආයෝජකයන්ගේ සමුළුව සෑම මාසයකටම වරක් සංවිධානය කිරීමට නියමිතය.

Visits: 0