Abans Environmental Services වෙතින් TRI-ZEN පදිංචිකරුවන් හට සුවිශේෂී වූ ගෘහ පාලන සේවාවක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, සිය TRI-ZEN මහල් නිවාස සංකීර්ණය සඳහා අගය එකතු කළ සේවාවන් සපයා දෙමින්, TRI-ZEN නිවහන් සඳහා සුවිශේෂී වූ ගෘහ පාලන සේවා සපයන්නා වශයෙන් Abans Environmental Services (Pvt) Ltd පත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව TRI-ZEN හි පදිංචිකරුවන්ට අසමසම වූ සේවාවක් ලබා දීමේ පුළුල් දැක්ම මත පදනම්ව John Keells Properties සහ Abans Environmental Services අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය පෙබරවාරි මස 15 වන දින අත්සන් කරන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties හි විකුණුම් අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය.”TRI-ZEN මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට ආසන්නයි. එහි පදිංචිකරුවන් හට ඔවුන් පදිංචියට යාමට පෙර අතුව නිමැවුම් සේවාවන් ශක්තිමත්ව ලබා දීමට අපි කැපවී කටයුතු කරනවා. සුව පහසු ජීවන රටාවක් ගත කරන පදිංචිකරුවන්ට අප පැවසූ පරිදිම පහසු සහ පරිපූර්ණ පිරිසිදු කිරීමේ සහ ගෘහ පාලන සේවාවක් ලබා දෙන Abans Environmental Services (Pvt) Ltd. සමගින් සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.”

වැඩිදුරටත් අදහස් දක්වමින් Abans Environmental Services (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ ෆයිරුස් පෙස්ටොන්ජි මහතා මෙසේ පැවසීය. ”නිවාස සංකීර්ණ, වාණිජ ආයතන සහ රාජ්‍ය ආයතන සඳහා ප්‍රමුඛතම පිරිසිදු කිරීමේ සේවා සපයන්නා ලෙස, කොළඹ නගර මධ්‍යයේ පිහිටි John Keells Properties හි TRI-ZEN මහල් නිවාස සංකීර්ණය සමග එක්වීම පිළිබඳව අපි සතුටු වෙනවා. TRI-ZEN හි නිවාස හිමියන් අපේක්ෂා කරන සුවිශේෂත්වය අපි අවබෝධ කරගෙන සිටිනවා. ඒ වගේම John Keells Properties සමග එක්ව හැකි උපරිම අයුරින් පාරිභෝගිකයින්ගේ සුවිශේෂී අවශ්‍යතාවයන් සපුරාලීමට අපි සහතික වෙනවා.”

1985 වසරේ දී ආරම්භ කරන ලද Abans Environmental Services (Pvt) Ltd සමාගම, 1994 වසරේ සිට ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක සහ ඒ ආශ්‍රිත සේවාවන් සඳහා වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස කටයුතු කරනු ලබයි. එය මේ වන විට ශ්‍රී ලංකාවේ ISO 9001: 2015 තත්ත්ව ප්‍රමිතීන් සහිතව, තාක්‍ෂණය කැටිකර ගත් විශාලතම සක්‍රීය ගෘහ පාලන සහ ආරක්ෂක සේවා බලකා ආයතන ද සමන්විත සමාගමක් බවට පත්ව ඇත.

TRI-ZEN මහල් නිවාස සංකීර්ණය ගොඩනැගිලි ත්‍රිත්වයකින් සමන්විත වන අතර, එහි මුළු මහල් නිවාස සංඛ්‍යාව 891 කි. එහි සෑම නිවහනකම නිදන කාමරයක්, කාමර 2ක් සහ කාමර 3ක් වශයෙන් සැදුම්ලත් ඒකක ඇතුළත් වේ.

Visits: 0