IFC, කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ගෝලීය හවුල්කරුවන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා සීනුව නාද කරයි

අඛණ්ඩව නවවැනි වසරටත්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සහ ගෝලීය හවුල්කරුවන් සමඟ ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා සීනුව නාද කිරීමසඳහා හවුල් විය. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, වාර්ෂික ගෝලීය මුලපිරීම සමස්ථ සහ තිරසාර වර්ධනය සඳහා ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කරයි.

කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය වැඩි කිරීම සහ නායකත්වයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම කුටුම්භ, සමාජ සහ ආර්ථිකයන්හි පුළුල් ස්ත්‍රී පුරුෂ පරතරයන් ආමන්ත්‍රණය කිරීමේ ප්‍රධාන ලීවර දෙකකි. ශ්‍රී ලංකාව තුළ, IFC හි පර්යේෂන පෙන්වා දී ඇත්තේ ඉහළ ස්ත්‍රී පුරුෂ විවිධත්වයක් සහිත ඉහළම CSE-ලැයිස්තුගත සමාගම් 30 කොටස්වල ප්‍රතිලාභ, මුළු වත්කම්වල ප්‍රතිලාභ සහ ඉපැයීම් අනුපාතයට මිල ඇතුළුව මූල්‍යමය වශයෙන් වඩා හොඳ කාර්ය සාධනයක් පෙන්නුම් කරන බවයි.

නායකත්වයේ සිටින කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සඳහා පැහැදිලි ව්‍යාපාරිකඅවස්ථාවන් තිබියදීත්, CSE-ලැයිස්තුගත මණ්ඩලවල කාන්තා මණ්ඩල අධ්‍යක්ෂවරුන්ගේ කොටසෙහි අඩුවීමක් දක්නට ලැබෙන අතර, 2023 දී 10.1% සිට 2024 දී 8.7% දක්වා පහත වැටී ඇත. මෙම පසුබෑමේ විවිධත්වය සඳහා කැපවීම සහ ආයතනික නායකත්වයට ඇතුළත් කිරීම පිළිබඳ ප්‍රශ්න මතු කරයි.

“කාන්තාවන් සඳහා ආයෝජනය කිරීම කළ යුතු නිවැරදි දෙය සිට බුද්ධිමත් දෙය දක්වා පරිණාමය වී ඇත. අධ්‍යයනවලින් පෙනී යන්නේ ඔබට වඩාත් විවිධාකාර කණ්ඩායමක් තිබේ නම් ආයතනයක සාර්ථකත්වය 34% කින් ඉහල යන බවයි. විවිධත්වයේ වටිනාකම සහ එයින් ජනනය කළ හැකි විශාල ප්‍රතිඵලව පිළිබඳව ආයතන අවබෝධ කර ගත යුතුයි යනුවෙන්.” CSE හි සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා පැවසීය. “අපගේ කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව තුළ  47% කට වැඩි කාන්තාවන් සංඛ්‍යාවක් සිටින, අපගේ ශ්‍රම බලකාය තුළ CSE හි විශිෂ්ට ස්ත්‍රී පුරුෂ නියෝජනයක් ඇති බව මම ආඩම්බරයෙන් ප්‍රකාශ කරමි. එම නියෝජනය 44% කින් සමන්විත නායකත්ව මට්ටමේ කාන්තාවන්ගේ ශක්තිමත් පැවැත්මක් බවට පරිවර්තනය වන බව අපි දකිමු.”

පසුගිය වසරේදී, දිරිගැන්විමී පියවරක් ලෙස, 2025 වන විට අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමින් සහ කළමනාකාරිත්වය තුළ කාන්තා නියෝජනය අවම වශයෙන් 20% දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලාංකික සමාගම් 13 ක් ප්‍රතිඥා දෙනු ලැබීය.

IFC ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටින අතර කාන්තා ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම සහ නායකත්ව භූමිකාවන්හි සිටින කාන්තාවන් සංඛ්‍යාව වැඩි කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.

“මණ්ඩල සහ නායකත්ව තනතුරුවල කාන්තාවන්ගේ ප්‍රගතියට ඇති බාධක ඉවත් කිරීමට පුද්ගලික සහ රාජ්‍ය අංශයේ සාමූහිකකැපවීමඅවශ්‍යවේ.මෙය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කරා ප්‍රගතිය වේගවත් කිරීමට, නව වර්ධනයක් ඇති කිරීමට දායකත්වයක්දක්වයි.” IFC ශ්‍රී ලංකාව සහ මාලදිවයින කළමනාකරු අලෙහන්ධ්‍රෝ අල්වරෙස්ඩිලාකම්පා මහතා පැවසීය.

“කාන්තාවන් ව්‍යාපාරික මෙහෙයුම් සඳහා ඒකාබද්ධ කිරීමෙන්, සමාගම්වල ලාභදායිත්වය ඉහළ නංවා හවුල් සමෘද්ධියට සැලකිය යුතු දායකත්වයක් ලබාදිය හැකි බව අපි දනිමු. එබැවින්, සැමට වඩා හොඳ අනාගතයක් සඳහා – සේවිකාවන් , ව්‍යවසායකයින් සහ නායකයින් ලෙස – කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය බලමුලු ගැන්වීමට අපි නැවත කැප වෙමු.”

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වන ව්‍යාපාරික අවස්ථාව පිළිබඳව වෙළඳපල දැනුවත්භාවය ඇති කිරීම, කාන්තා වෘත්තීය සංවර්ධනයට සහාය වීම සඳහා හවුල්කරුවන්ට හැකියාව ලබා දීම සහ පහසුකම් සැපයීම ඇතුළුව වෙළඳපල මට්ටමේ තාක්ෂණික විශේෂඥතාව ලබා දීම IFC විසින් දියත්කරනා වැඩසටහන් වේ.

Visits: 0