සිලෝන් ග්‍රේන් එලවේටර්ස් වෙතින් කොටසකට රුපියල් 12 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගම (GRAN.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 12ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම පවසයි. මෙය 2023-24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දනිය ලෙස මාර්තු 05 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස පෙබරවාරි 13 වැනිදා නම් කෙරී තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සමාගම මගින් 2023-24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස ලබාදුන්නේ කොටසකට රුපියල් 6.00කි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 164.75ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 163.00 හා සැසඳීමේදී රුපියල් 1.75ක එනම් 1.07%ක ඉහළ යාමකි.

සුප්‍රසිද්ධ PRIMA සන්නාමය යටතේ කුකුලු මස් ඇතුළුව කුකුළු මස් නිෂ්පාදන යන්ත්‍ර නිෂ්පාදනය සහ අලෙවිය සිදු කරන සමාගම ලෙස සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී හැඳින්වෙයි.

2023 සැප්තැම්බර් 30 වැනිදා වනවිට එම සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 27,270,800ක් එනම් 45.45%ක් හිමිව ඇත්තේ සිංගප්පූරුවේ ප්‍රීමා ලිමිටඩ් සමාගමටයි. එසේම කොටස් 5,350,549ක් එනම් 8.92%ක් සේවක අර්ථසාධක අරමුදල වෙත හිමිව තිබේ. මීට අමතරව

Visits: 0