TIIKM ආයතනය සිය දශක සංවත්සරය සමරමින් Alpha One2023 සම්මාන උළෙල දී විශිෂ්ට සේවකයන් අගයයි

ශාස්ත්‍රීය අධ්‍යාපන ක්ෂේත්‍රය බලගැන්වීම උදෙසා ස්ථාපිත දැනුම් කළමණාකරණ ආයතනයක් වන TIIKM ආයතනය, ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඉහළ නැංවීම, නව්‍යකරණය සහ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ගෝලීය බලගැන්වුම උදෙසා සිය දශකයකට වැඩි දායකත්වය අභිමානයෙන් සමරයි.

2013 වසරේ TIIKM ආයතනය ස්ථාපිත කිරීමේ සිට නව්‍යවාදී මූලිකත්ව වැඩසටහන් සහ අති නවීන පර්යේෂණ පහසුකම් හරහා ශාස්ත්‍රීය අධ්‍යාපන වෘත්තිකයන් බලගැන්වීමට ඔවුන් පෙරමුණ ගත්තේය.

මෙම දශක සංවත්සරය ක්ෂේත්‍රය තුළ ලබාගත් කාර්යය සාධනය, උපාය මාර්ගික සහයෝගීතාවයන් සහ ශාස්ත්‍රීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය පරිවර්තනයන්ට සිදුකළ මැදිහත්වීම මනාව පිළිබිඹු කරන සැමරුම් අවස්ථාවක් ලෙස සැළකිය හැක. ආයතනයේ දශකයක ගමන් මඟ සඳහා දායකවූ ලොව පුරා වෙසෙන අධ්‍යාපනවේදීන්ට, අනුග්‍රාහකයන් සහ සහයෝගය දැක්වූවන්ට  TIIKM ආයතනය සිය හෘදයාංගම ස්තූතිය පුදකළේය.

TIIKM ආයතනය සිය වෘත්තීය චාරිකාවේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස  දශකයක විශිෂ්ටත්වය සමරමින් Alpha One 2023 සම්මාන ප්‍රධාන උළෙල පසුගියදා කොළඹ Excel World හීදී පවත්වන ලදී. මෙම අවස්ථාව ලක්සල සභාපති රුෂාන් සුවින්ද්‍ර, කැලණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය බණ්ඩාර වන්නිනායක, APIDM ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු විශාල ආරාධිතයින්න් පිරිසකගේ හා ආයතනයේ සේවකයින්ගේ පවුල් වල සාමජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී ආයතනය වෙනුවෙන් අසමසම දායකත්වයක් ලබාදුන් සේවකයින් ඇගයීම සිදුවිය. සම්මාන ලාභීන් අතර TIIKM Conferences වසරේ විශිෂ්ටතම සේවකයා ලෙස දේශානි පතිරණ සම්මානයට පාත්‍රවිය. TIIKM Events අංශයේ විශිෂ්ටතම සේවකයා ලෙස ඇන්ජලා මහේන්ද්‍රන් තේරීපත්විය.

මෙම ප්‍රධාන සම්මාන දෙකට අමතරව ආයතනයේ මෙහෙවර සාර්ථක කරගැනීමට අප්‍රතිහතව කැපවුණු විශිෂ්ටයන් ඇගයීම වෙනුවෙන් අංශ 13ක් යටතේ සම්මාන 13ක් ප්‍රදානය කිරීම සිදුවිය. මෙම සම්මාන ක්ෂේත්‍ර ගතවූයේ ශාස්ත්‍රීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලගැන්වීම සහ දැනුම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කළ සේවය ඇගයීම උදෙසාය. මෙම සෑම සම්මාන ලාභියෙක්ම TIIKM ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ධනාත්මක ප්‍රවර්ධනයක් බලගැන්වීම වෙනුවෙන් සිය විශේෂ දැනුම සහ කැපවීම නොපිරිහෙලා ලබාදුන් විශිෂ්ටයන් වේ.

TIIKM සමූහයේ සභාපති, සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඕශධී විතානවසම් මහතා මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය. “TIIKM දශක සංවත්සර සැමරීම කියන්නේ දැනුම ප්‍රවර්ධනය කිරීමේ අපගේ දශක පූර්ණ සේවය ඇගයීම පමණක්ම නෙමෙයි. අද අප සිටින තැන දක්වා අපගේ ආයතනය ගෙන ඒමට අප සෑම දෙනා එක්ව සිදුකළ අප්‍රතිහත කැපකිරීම සහ නව්‍ය අදහස් එක් කරගෙන ඉදිරි දැක්මක් සහිතව මෙතෙක් ලබාගත් ජයග්‍රහණ ඇගයීමයි. මේ වෙනුවෙන් අපේ ආදරණීය කාර්ය මණ්ඩලය ලබාදී තිබෙන අසමසම දායකත්වය පිළිබඳව අපි ඉතාම ආඩම්බර වෙනවා.”

TIIKM සමූහයේ සම-නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ ඉසංක පී. ගමගේ මහතා ආයතනයේ දැක්ම පිළිබඳව සිය අදහස් මෙසේ පළකළේය. “දැනුමේ අනාගතය හැඩගැන්වීම උදෙසා අපේ ඇති ඉලක්කය සාර්ථක කරගැනීම වෙනුවෙන් සෑම සේවකයෙක්ම සහසම්බන්ධ කොටගෙන ඇත. සම්මාන ලබාගත් සියලු දෙනාටම ඔවුන් ආයතනය වෙනුවෙන් කළ කැපකිරීමට ස්තූතිවන්ත වීමට කැමතියි. ජාත්‍යන්තර සන්නාමයක් ලෙස ඉදිරියට යාමේදී උපායමාර්ගික සහයෝගීතාවයන් හරහා සිය අභිලාෂයන් මුදුන්පත් කරගනිමින් තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට අපගේ කාර්ය මණ්ඩලය බල ගැන්විය යුතු බවට අප විශ්වාස කරනවා. අප ආයතනය සමඟ සම්භන්ධතා ගොඩ නගාගෙන එක්ව කටයුතු කරන ලෝකය පුරා විහිදුනු 400කට අධික විශ්වවිද්‍යාල, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, අපගේ ගෞරවනීය විද්වත් මහාචාර්ය මඬුල්ල හා ලෝකය පුරා අප සමග සම්භන්ධ වන 10000කට අධික විද්වතුන් උදෙසාද අපගේ ස්තූතිය පුද කිරීමට කැමතියි.”

Visits: 0