මිල සංශෝධනයෙන් පෙට්‍රල් 92 ඉහළට, පෙට්‍රල් 95 පහළට – ඩීසල් ඉහළට, සුපිරි ඩීසල් පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මන වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 05.00කින් ඉහළ නංවා ඇති අතර, නව මිල 371.00ක් ලෙස සටහන්ව තිබේ. එහෙත් ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 08.00 පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 456.00කි.

එසේම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 358.00 සිට රුපියල් 363.00ක් දක්වා රුපියල් 5.00කින් ඉහළ දමා තිබේ. එහෙත් ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 04 ලීටරයක මිල රුපියල් 475.00 සිට රුපියල් 468.00ක් දක්වා රුපියල් 07.00කින් පහත හෙළා තිබේ.

මේ අතර ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 262.00ක් දක්වා රුපියල් 26.00 කින් ඉහළ නංවා ඇති අතර, එය පැවතියේ රුපියල් 236.00 ක මිලකටය.

Visits: 0