Cathay Pacific වසර හතරකට පසුව යළිත් පෙබරවාරි 02 සිට ශ්‍රී ලංකාවට එයි

හොංකොං කේන්ද්‍ර කර ගනිමින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන Cathay Pacific ගුවන්සේවය ලබන පෙබරවාරි 2 වැනිදා සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සූදානමින් සිටියි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එම සමාගම විසින් මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව Cathay Pacific ගුවන්සේවය 2024 පෙබරවාරි 2 සිට කොළඹ සිට හොංකොං දක්වා සතියකට දින තුනක් (බදාදා, සිකුරාදා සහ ඉරිදා) සෘජු ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි සඳහන් වෙයි. මෙම ගුවන් ගමන් සඳහා එයාර්බස් A330 මාදිලියේ ගුවන්යානයක් යොදා ගැනීමට නියමිතයි.

මෙම Cathay Pacific ගුවන්සේවය ශ්‍රී ලංකාව සමගින් මෙලෙස ගුවන් ගමන් ආරම්භ කරන්නේ වසර 4කට පසු වීමත් මෙහි විශේෂත්වයයි.

Visits: 0