Daraz වෙතින් පළමු වරට Free Delivery Festival හඳුන්වා දෙයි

දකුණු ආසියාවේ දැවැන්ත අන්තර්ජාල වෙළෙඳපොළක් වන Daraz මෙම වසර ආරම්භයේදීම Daraz Free Delivery Festival හඳුන්වා දෙයි. මෙම අනඟි සාප්පු සවාරි අත්දැකීම ජනවාරි 27 සිට විඳගන්න දැන්ම සූදානම් වන ලෙසත් Daraz පවසයි.

විලාසිතා, රූපලාවණ්‍ය, ගෘහභාණ්ඩ හා ගෘහ අලංකාරක ඇතුළු මිලියන ගණනක නිෂ්පාදන රටේ ඕනම තැනකට නොමිලේ ඩිලිවරි කරගැනීමේ අවස්ථාව මේ හරහා අත්විඳිය හැකියි. මෙම මූලාරම්භය හරහා දකුණු ආසියාව පුරා සිටින පාරිභෝගිකයන් වෙනුවෙන් Darazහි කැපවීම තවදුරටත් ශක්තිමත් කරයි. 

රට පුරා කිසිඳු බාධාවකින් තොරව බෙදාහැරීම හා භාණ්ඩ මිලදී ගැනීමට පහසුවෙන් පිවිසීම සහතික කිරීමට උසස් තාක්ෂණය දියුණු කර තිබීම මෙයින් ප්‍රදර්ශනය වන බවත් Daraz සඳහන් කර සිටියි.

ළඟදීම ආරම්භ වීමට නියමිත මෙම Free Delivery Festivalහි අවධානය යොමු වන්නේ රටේ කොතැනක සිටියත් භාණ්ඩ පහසුවෙන් දොරකටම ඩිලිවරි කරගැනීමට අවස්ථාව ලබාදීම හා ජනතාවට එදිනෙදා අවශ්‍ය වන බඩුභාණ්ඩ දැරිය හැකි මිලකට ලබා ගැනීමට සහාය වීමයි.

ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම, බදු වෙනස් කිරීමෙන් ඇති වූ ප්‍රවාහන විදයම් ඉහළ යාමේ බලපෑම අවම කරමින්, සාප්පු සවාරි යන්නන්ට උපරිම ඉතුරුම් ප්‍රමාණයක් ලබාදීම මෙහි අරමුණයි. වැඩි වූ ප්‍රවාහන වියදම් ගණන දැරීමට සිදු නොවී පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසේ සිටම මිලදී ගැනීමේ හැකියාව මේ හරහා උදාකර දෙයි. 

ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණින් Daraz විසින් සිදු කරන මෙම මූලපිරීම තුළින් ඩිලිවරි ගාස්තු ඉහළ යාම මත ඊ- වාණිජ්‍යයෙන් ඈත්වීමට සිටි පාරිභෝගිකයන්ව නැවත සම්බන්ධ කරයි.  අන්තර්ජාල සාප්පු සවාරි යාමේ ක්‍රියාකාරී සහභාගිත්වය දිරිගැන්වීමත් ඒ හරහා තවදුරටත් සිදු වේ.

අන්තර්ජාල සාප්පු  සවාරි යන්නන්ට නොමිලේ ඩිලිවරි කරගැනීමේ අවස්ථාව ලබාදීම ප්‍රයෝජනවත් බව සංඛ්‍යා ලේඛන හරහා ද තහවුරු කරයි. උදාහරණයක් ලෙස 2023 දෙසම්බර් මාසයේදී පමණක්, Darazහි සාප්පු සවාරි යන්නන්ගෙන් වැඩි පිරිසක් දැනටමත් නොමිලේ ඩිලිවරි අවස්ථා අත්විඳ ඇත. එය 2023 ජනවාරි සමඟින් සසඳන විට 700%ක වැඩිවීමකි.

මීට අමතරව Daraz Free Delivery Festival මඟින් විකුණුම්කරුවන්ට පෙරට වඩා විකුණුම් ප්‍රමාණයක් වර්ධනය කර ගැනීමට අවස්ථාව විවෘත වේ. එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SMEs) ඔවුන්ගේ ව්‍යාපාර මෙතෙක් ප්‍රසාරණය කර ගැනීමට නොහැකි වූ ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමටත්, ආදායම් වර්ධනය කර ගනිමින් ව්‍යාපාර පුළුල් කර ගැනීමටත් ඉඩ සලසා දෙයි.

උදාහරණයක් ලෙස පසුගිය වසරේදී Darazහි ඇණවුම්වලින් 65%ක් විණුම්කරුවන් තම ප්‍රදේශයෙන් පිටත පාරිභෝගිකයන් වෙත බෙදාහැර ඇත. මෙම ප්‍රවණතාවයට අනූව, 2023 අවසාන කාර්තුවේදී පමණක් නොමිලේ ඩිලිවරි කිරීමේ ප්‍රවර්ධනයට සහභාගී වන විකුණුම්කරුවන් ප්‍රමාණය 30%කට වඩා වැඩිවීමෙන් තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීමේ මෙවලමක් ලෙස නොමිලේ ඩිලිවරි කිරීම අවස්ථාට ඔවුන් එක්වන බව තහවුරු වෙයි.

Visits: 0