John Keells Properties ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා මූල්‍ය පහසුකම් සඳහා DFCC බැංකුව හා එක්වෙයි

John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ගැනුම්කරුවන් වෙත සුවිශේෂී වූ මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා DFCC බැංකුව සමගින් අත්වැල් බැඳගෙන ඇත.

මෙම සහයෝගීතාවය හරහා, පාරිභෝගිකබවතුන් හට DFCC බැංකුව විසින් සපයනු ලබන පහසු මූල්‍ය සැලසුම් අවස්ථාවන් හි ප්‍රතිලාභ හිමිවන අතර ඒ තුළින් John Keells Properties සමාගම ඉදිකරන ‘විමන්’ නිවාස ව්‍යාපෘතියෙහි සුවිශේෂී නිවසක් හිමිකර ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකි වේ.

මෙම හවුල්කාරීත්වය තුළින් DFCC බැංකුව ‘විමන්’ හි නිවාස හිමියන් සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව නම්‍යශීලී ණය යෝජනා ක්‍රම සහ ඒ සඳහා ආකර්ශනීය මූල්‍ය විසඳුම් ලබා දෙනු ඇත. අඩු පොලී අනුපාතිකයන් සහිත ස්ථාවර ආදායම් විකල්පයන් සමග ගැනුම්කරුවන්ට ණය යෝජනා සඳහා පහසු මූල්‍ය විසඳුම් තෝරා ගැනීමට අවස්ථාව හිමි වේ. නාගරික නිවාස අවශ්‍යතාවයන් වෙනුවෙන් සුදුසු අවකාශයන් නිර්මාණය කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා DFCC බැංකුව, John Keells Properties සමාගම වෙත වැඩි වටිනාකමක් සහිත දිරිගැන්වීමක් ලබා දී තිබේ.

John Keells Properties සමාගමේ විකුණුම් සහ අලෙවි ප්‍රධානී නදීම් ෂම්ස් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ”DFCC බැංකුව සමග එක් වෙමින්, අපගේ ගනුදෙනුකරුවන් සඳහා නිවාස මිලදී ගැනීමේ අත්දැකීම අර්ථවත් කිරීමට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙම සහයෝගීතාවය මගින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ නව මිණුම් ලකුණක් සහිත පහසු සහ අනුගතවිය හැකි මූල්‍ය විසඳුම් සඳහා ඉඩ සලසා ගැනීමට විමන් නිවාස හිමියන්ට අවස්ථාව ලැබෙනවා. පහසු මූල්‍ය විකල්ප අවස්ථාවන් හරහා නව නිවසක් අත්පත් කර ගැනීමේ ගමන් මග සාර්ථකත්වයට පත්වෙනවා.”

SME – DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ මූල්‍ය සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ පැවසීය.”DFCC බැංකුවේ අපි, නිවාස හිමිකාරිත්වයේ ඇති වැදගත්කම සහ එහි තිබෙන මූල්‍ය කැපවීම පිළිබඳව අවබෝධ කරගෙන සිටිනවා. John Keells Properties සමගම සමග එක්ව නිවාස ගැනුම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව සුවිශේෂී මිල ගණන් සහ නිවාස ණය සඳහා ආපසු ගෙවීමේ ණය යෝජනා ක්‍රම ඇතුළු පහසු මූල්‍ය විසඳුම් ලබා දීමට අපට හැකියාව තිබෙනවා. නිවසක් හිමිකර ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට පුද්ගලයන්ට සහය දැක්වීමට අප ලබා දෙන කැපවීම මේ තුළින් පෙනී යනවා.”

ජා-ඇළ නගර මධ්‍යයේ නවීන ජීවන රටාවක් නිර්මාණය කරමින් ඉදිවන විමන් නිවාස ව්‍යාපෘතිය, ආකර්ෂණීය නාගරික පසුබිමක චමත්කාරය සහිත ජීවන අත්දැකීමක් ලබා දෙමින්, කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශවීමේ සබඳතාවය ඇතිව සුරක්ෂිත හා හිතකාමී පරිසරයක් ඇතිකර දීමට සැලසුම් කර ඇත. අක්කර 6ක් පුරා පැතිරී ඇති මෙම ව්‍යාපෘතිය මහල් නිවාස 418 කින් සමන්විත වේ.

Visits: 0