ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සම-සභාපති ධුරයෙන් බ්‍රාහ්මණගේ ඉවත් වෙයි සභාපති ධුරය සඳමිණි‍ට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දේපළ වෙළෙඳාම හා සම්බන්ධ සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමෙහි (PLR.N0000) සම-සභාපතිවරයා ලෙස කටයුතු කළ බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි සමාගම පවසයි.

පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව ඇති බවත්, සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය අදාළ ඉවත්වීමට අනුමැතිය ලබා දී ඇති බවත් සමාගම සඳහන් කරයි.

ඒ අනුව සමාගමෙහි නව සභාපතිවරිය ලෙස මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සඳමිණි රුක්මාල් පෙරේරා මහත්මිය පත් කිරීමට ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගම කටයුතු යොදා තිබේ.

එම අවස්ථාව වනවිටත් ඇය සමාගමෙහි සම-සභාපතිවරිය ලෙසද කටයුතු කළාය.

බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමෙහි සම-සභාපති ධුරයෙන්ඉවත්වීම පෞද්ගලික කාරණාවක් අනුව සිදු වූවක් වන බවත්, එහෙත් ඒ මහතා තවදුරටත් සමාගමෙහි ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරනු ඇති බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 84