කොළඹ වරාය නගරයේ මූල්‍ය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට හැටන් නැෂනල් බැංකුවට බලපත‍්‍රය හිමි වෙයි

මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වෙත කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මූල්‍ය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට පසුගිය දා බලයලත් ආයතනයක් (AP) ලෙස බලපත‍්‍රය ප‍්‍රදානය කිරීම පසුගියදා සිදු විය.

ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනීය වෙනසකට ලක් කරන ප‍්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස කොළඹවරාය නගරය පිහිටුවීමේ අරමුණ යටතේ මෙම බලපත්‍රය ප්‍රදානය කෙරී තිබේ.

ඒ අනුව විශේෂ ආර්ථික කලාපයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලපත‍්‍ර ලබා ගත් ප‍්‍රථම බැංකු අතරින් එකක් ලෙසද හැටන් නැෂනල් බැංකුව සැලකෙයි. ආයෝජකයන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ටත් බැංකු සේවා සපයමින් කොළඹ වරාය නගරය තුළ හා ඉන් පිටතට සේවා ලබා දීම සඳහා HNB වෙත අවස්ථාව ලබා දෙමින් මෙම AP බලපත‍්‍රය කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විසින් බැංකුව වෙත පිරිනමන ලදී.

කොළඹ වරාය නගරය යනු ස්මාර්ට් නගර සංකල්ප සමඟින් නිර්මාණය කර ඇති ඉතා සූක්ෂම සැලසුමක් සහිත නගරයකි. එය උසස්ම තත්වයේ වාණිජ, ජීවනරටා සහ නගරය තුළ ජීවත් වීමට විවිධ හැකියාවන් ලබා දෙමින් කලාපයේ නවීන සේවා මධ්‍යස්ථානය සහ අනාගත මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට නියමිතය. කොළඹ වරාය නගරය මූල්‍ය කලාපය (Financial District), මධ්‍යම උද්‍යාන වාසය (Central Park living), ජාත්‍යන්තර දිවයින (International Island), යාත‍්‍රාංගණය(The Marina) හා දුපත් වාසය (Island living) ලෙස අනුකලාප පහකින් සමන්විත වේ.

විශේෂ ආර්ථික කලාපයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා බලපත‍්‍ර ලබා ගත් ප‍්‍රථම බැංකු අතරින් එකක් ලෙස තේරීපත් වීම පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේි HNB වැනි බැංකු, කොළඹ වරාය නගරයේ සංවර්ධනය ඉහළම මට්ටමේ සාර්ථකත්වය සහ ඵලදායිතාවය ලබා ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා.සපයන බව එයින් ගම්‍ය වේ. අපගේ අරමුණ වන්නේ කොළඹ වරාය නගරය තුළ ආයෝජනය කරන සහ ක‍්‍රියාත්මක වන සියලූම ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලන ඉහළ පෙළේ ඒකාබද්ධ බැංකු විසඳුම් ලබා දීමයි.’’ යනුවෙනි.

කොළඹ වරාය නගරය කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් වන අතර හෙක්ටයාර 269 ක භූමි ප‍්‍රමාණයක් එය සතුය.මෙහි අපේක්ෂිත ජනගහනය 273,000 ක් වන අතර, ඇ.ඩො.බිලියන 15 ක අපේක්ෂිත ආයෝජනයක් සමඟින් රැකියා 143,000 ක් උත්පාදනය කිරීමට එමගින් අපේක්ෂා කරයි. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද, වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත වසර 25ක් දක්වා බදු නිදහස් කිරීම් සහිත විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කරයි.

Visits: 34