නත්තලේ සතුට රසගන්වන්නට ප්‍රීමා වෙතින් උත්සව සමයට රස රැසක්

පවුලේ සියළුදෙනා සහ ලෙංගතු හිතමිතුරන් පිරිවරාගෙන සතුටින් සමරන අසිරිමත් නත්තල සමග උදාවන වසර අවසාන උත්සව සමය රසින් රසගන්වන්නට ප්‍රීමා වෙතින් ප්‍රීමා ට්‍රීට්ස් (Prima Treats) ප්‍රීමා කොත්තු මී (Prima KottuMee) ප්‍රීමා සන්රයිස් (Prima Sunrise) සහ ප්‍රීමා ස්ටෙලා (Prima Stella) රස රැසක් හඳුන්වාදී තිබේ.

උත්සව සමයේ රස නහර පිනා යන මතකයේ රැඳෙන ආගන්තුක සත්කාරයකට හඳුන්වා දෙන ප්‍රීමා රස රැස අතර සුසිනිදු නිමාවකින් යුතුව රසවත් ක්‍රීම් පිරවුමක් සහිත “සන්රයිස් රෙඩ් වෙල්වට් ස්විස් රෝල්”, කටට සැරට උණුසුම් රසයක් ගෙනෙන “ප්‍රීමා නයි මිරිස් සොසේජස්” සහ දිව නැටවෙන රසයකින් යුතු “ප්‍රීමා ට්‍රීට්ස් සොසේජ් රෝල්” ඔබේ නත්තල් කෑම මේසයට ආශ්වාදනීය රසයක් එකතු කරයි.

දිවයින පුරා සියළු සුපිරි වෙළෙඳසැල් හා ඔබේ ළඟම සිල්ලර වෙළෙඳසැලෙන් මිලදී ගත හැකි ප්‍රීමා කොත්තු මී හොට් ඇන්ඩ් ස්පයිසි සහ නයි මිරිස් නූඩ්ල්ස්, ප්‍රීමා සන් රයිස් සන්නාමයේ පාන්, බනිස් සහ ස්විස් රෝල්, ප්‍රීමා ට්‍රීට්ස් සන්නාමයේ සොසේජස්, මීට්බෝල්ස්, ස්ලයිසස්, Marinated සහ Crumbed ආහාර, ප්‍රීමා ස්ටෙලා සන්නාමයේ නැවුම් කිරි ආශ්‍රිත නිෂ්පාදන, ප්‍රීමා චිකන් සහ ප්‍රීමා තිරිඟු පිටි උත්සව සමයේ ඔබේ පවුලේ සතුට වැඩිදියුණු කරන රසවත් ආහාරපාන එකමුතුවකි.

තත්ත්වයෙන් උසස් රසවත් නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ පෝෂ ර්‍ණය ආහාර සන්නාමයක් වන ප්‍රීමා වෙතින් උත්සව සමය වෙනුවෙන්ම හඳුන්වාදෙන රසවත් ආහාර පිළිබඳ රස තොරතුරු දැනගන්න Prima Treats, Prima KottuMee, Prima Sunrise, Prima Stella ෆේස්බුක් පිටු සමග රැඳී සිටින්න.

Visits: 26