Rocell හොරණ කර්මාන්තශාලාවේ දෛනික නිෂ්පාදන ධාරිතාව ඉහළට

ශ්‍රී ලංකාවේ  ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛතම සන්නාමය වන Rocell  නවෝත්පාදනය  සහ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය ඉහළ නංවාලීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන සිය කර්මාන්තශාලාවපුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

මෙමඟින් Rocell හි දෛනික නිෂ්පාදන ධාරිතාවය විශාල ප්‍රමාණයකින් වර්ධනය කර ගැනීමට මෙන්ම  1000mm x 1000 mm, 1200 mm x 800 mm, සහ 800 mm x 800 mm,  ඇතුළු විශාල ටයිල්රැසක් හඳුන්වා දීමට හැකියාව ලැබෙනු ඇත.

Rocell සතු අන්තර්ජාතික ප්‍රමිතිගත තාක්‍ෂණය, තාක්ෂණික නිපුණතාවයෙන් පොහොසත් සේවක මණ්ඩලය, අති නවීන යන්ත්‍රෝපකරණ මෙන්ම  නවීන නිෂ්පාදන සඳහා  ආයෝජනය කිරීමේ හැකියාව  තුළින්  Rocellනිෂ්පාදනයන් හි  අසමසම නිර්මාණශීලීත්වය සහ සුවිශේෂී ගුණාත්මකභාවය සහතික කෙරේ.එමෙන්ම   දශක තුනකට වඩා දිගු කලක් Rocell මෙරට ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන  ක්ෂේත්‍රය තුළ  උසස්  තත්ත්වයේ ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයා ලෙස ඉහළ  පාරිභෝගික විශ්වාසයක් සහ කීර්තියක් දිනාගෙන ඇති අතර  ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණශිල්පීන්ගේ දායකත්වය තුළින්  Rocell නිෂ්පාදනයන්හි උසස් තත්ත්වයට වැඩි වටිනාකමක් එකතු කර ඇත.

නවෝත්පාදන සහ නවීන තාක්ෂණික කටයුතු  සඳහා අවශ්‍ය අතිනවීන යන්ත්‍රෝපකරණ ආනයනය වෙනුවෙන් ද  කර්මාන්තශාලාපුළුල් කිරීමේ   කටයුතුවලදී සැලකිය යුතු ආයෝජනයක් Rocell  විසින් සිදු කරන ලදි. මෙම දියුණු යන්ත්‍රෝපකරණ ඉතාලියේ පිහිටි ලොව විශාලතම යන්ත්‍ර සූත්‍රනිෂ්පාදන ආයතනවලින් ආනයනය කර ඇති අතර Industry 4.0 ප්‍රමිතීන්ට අනුකූලව උසස්ම තත්ත්වයේ ටයිල් නිෂ්පාදනය සඳහා එය ඉවහල් වනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් Rocell හි නිෂ්පාදන අධ්‍යක්ෂ නන්දජිත් සෝමරත්න මහතා මෙසේ සඳහන් කළේය. “හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන අපගේ Rocell  කර්මාන්තශාලාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගැනීම  Rocell සතු විශිෂ්ටත්වය මැනවින් ප්‍රදර්ශනය කරන කදිම සාක්ෂියක් වන බැවින්  මෙම කර්මාන්තශාලාව පුළුල් කිරිමේ ක්‍රියාවලිය ගැන  අප බොහෝ සතුටු වෙනවා. නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ ගුණාත්මක බව පවත්වාගැනීම වෙනුවෙන් අප ආයතනය නිරන්තරයෙන් සුවිශේෂී අවධානයක් යොමුකරමින්  කැපවී සිටිනවා. මෙම සෑම ක්‍රියාමාර්ගයක් ඔස්සේම අපගේ ගනුදෙනුකරුවන් වෙත හොඳම දේ ලබාදීමට අප බලාපොරොත්තු වන අතර එය නිසැකවම අප ආයතනයේ ඉලක්කයන් වෙත ගමන් කිරීමට තවත් වැදගත් පියවරක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

හොරණ ප්‍රදේශයේ පිහිටි මෙම Rocell  කර්මාන්තශාලාව පුළුල්  කිරීම තුළින් ටයිල්  විලාසිතාවන් නිෂ්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් වන අතර එය දිවයින පුරා සිටින ඉහළ රසවින්දනයක් සහිත නිර්මාණශීලී පාරිභෝගිකයින්ට සිය සිතැඟි පරිදි ටයිල් විලාසිතාවන් තෝරා ගැනීම වෙනුවෙන් මහඟු අවස්ථාවක් උදාකරනු ඇත. එමෙන්ම මෙමඟින් මනා නිමාවක් සහ අලංකාර මෝස්තර රටා සහිත ආකර්ෂණීය නිෂ්පාදනරැසක්පාරිභෝගිකයා වෙත පිරිනමමින් ඔවුන්ගේ ජීවන අවකාශයන් නවීන සුන්දරත්වයකට පරිවර්තනය කරයි.

මෙම සියලුම පියවරඔස්සේ ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙනුවෙන් නවීන සහ උසස් තත්ත්වයේ  ටයිල් සහ නාන කාමර උපාංග  සැපයීම වෙනුවෙන්  Rocell දක්වන නොසැලෙන කැපවීම මැනවින් පසක් වන අතර Rocell  නිෂ්පාදන සතු ගුණාත්මක තත්ත්වය තවදුරටත් සහතික කෙරේ.

Visits: 74