17 වසරක විශ්වාසය සමගින් SOFA HOME වෙතින් උත්සව සමයේදී සුවිශේෂී දීමනා

සෝෆා නිෂ්පාදනයේ 17 වසරක විශ්වාසය රැඳි SOFA HOME වෙතින් මෙවර උත්සව සමයේදී සිය නිෂ්පාදන සඳහා 15%ක සුවිශේෂී වට්ටම් දීමනා ලබාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි. දෙසැම්බර් 15 වැනිදා සිට ජනවාරි 15 වැනිදා දක්වා මෙම අවස්ථාව හිමි කර දී තිබේ.

ඒ අනුව නව වසරේදී සිය හෝටලය, නිවෙස හෝ කාර්යාලය අලුත්ම සෝෆා කට්ටලයකින් තවදුරටත් අලංකාර කරගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ඕනෑම අයෙකුට, අංක 87/A බොරැල්ල පාර, දෙපානම පන්නිපිටිය යන ස්ථානයේ පිහිටි SOFA HOME ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ තමන්ට කැමැති සෝෆා මාදිලියක් මෙම 15%ක සුවිශේෂී වට්ටම් මිලට ලබා ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ.

2006 වසරේ සිට 17 වසරක් පුරා සෝෆා නිෂ්පාදනයේ වෘත්තීමය පළපුරුද්ද සහිත ආයතනයක් ලෙස දක්ෂ නිර්මාණකරුවන් යොදවා ගනිමින් මෙම නිෂ්පාදනය කිරීම සිය සෝෆා නිෂ්පාදන මෙම කාලසීමාවේදී ජනතාව අතර වඩාත් ප්‍රචලිත වීමට හේතුවක් වූ බව SOFA HOME ආයතනය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන SOFA HOME ආයතනයේ හිමිකරු උපුල් පෙරේරා මහතා, “අපි මේ SOFA HOME ආරම්භ කළේ 2006 වසරේදී. ගතවුණු වසර 17ක කාලය පුරා අපේ සෝෆා නිෂ්පාදන ඉතාමත් ගුණාත්මක බවින් යුක්තව නිම කිරීම හරහා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගෙන තිබෙනවා. ඉදිරියේදීත් එම විශ්වාසය තවදුරටත් තහවුරු කරගැනීම අපගේ අරමුණයි.”

මෙම SOFA HOME නිෂ්පාදනවල ලී සැකැස්ම සඳහා වසර 10ක වගකීමක්ද හිමි වෙයි. විශේෂයෙන්ම අනෙකුත් සෝෆා නිෂ්පාදන ආයතන මෙන් තොග වශයෙන් සෝෆා කට්ටල නිෂ්පාදනය වෙනුවට තනි තනිව සෑම නිෂ්පාදනයක් සඳහාම ඉහළ අවධානයක් යොමු කරමින් එම නිෂ්පාදන සිදු කිරීම සිය භාණ්ඩවල උසස් ප්‍රමිතිය‍ට හේතුවක් බවත් උපුල් මහතා සඳහන් කරයි.

“අපේ නිෂ්පාදන ගුණාත්මක බවින් ඉහළ වුණත් මිල ගණන් ඉතාමත් සාධාරණයි. අපි විශාල මිල ගණන් සඳහන් කරලා, ලොකු වට්ටම් මුදල් ලබා දීලා පාරිභෝගිකයන් මුලා කරන්නේ නෑ. ඒ නිසා අලුතින් තමන්ගේ විසිත්ත කාමරය, ලොබිය අලංකාර කර ගන්නට අදහස් කරන පිරිසට සහායක් විදියට තමයි මේ විදියට උත්සව සමය වෙනුවෙන් සුවිශේෂී වට්ටමක් ලබා දීමට අපි කල්පනා කළේ. අපේ ප්‍රදර්ශනාගාරයට පැමිණිලා මේ නිෂ්පාදනවල නැවුම් බව, ප්‍රමිතිය සහ මිල ගණන් දෑසින්ම දැකගන්න පුළුවන්.”

මේ අතර පාරිභෝගිකයාට අවශ්‍ය ආකාරයේ සෝෆා කට්ටලයක්, කෑම මේස පුටු කට්ටලයක් වුවද නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවද SOFA HOME වෙතින් ලබා දෙයි. එහිදී ඕනෑම ප්‍රමාණයක, ඕනෑම හැඩයක සහ ඕනෑම වර්ණයක සෝෆාවක් දින 14ක් වැනි කාලයකදී නිෂ්පාදනය කර පාරිභෝගිකයා වෙත භාර දීමට SOFA HOME හට හැකියාව ඇත.

SOFA HOME නිෂ්පාදන පිළිබඳ සහ මෙම උත්සව සමයේ 15%ක වට්ටම් දීමනා පිළිබඳ වැඩිදුර තොරතුරු sofahome ෆේස්බුක් පිටුවෙන් හෝ දුරකතන අංක 0773636168 / 0764226170 ඔස්සේ විමසීමෙන් දැනගත හැකිය.

Visits: 43