Arpico සමග උත්සව සමයේ මිහිර විඳිමින් නිවාඩු කාලය විචිත්‍රවත්ව සමරන්න

‘Arpico සමගින් උත්සව සමයේ මිහිර විඳින්න’ යන ප්‍රචාරණ තේමාව යටතේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් Arpico, සිය පරිභෝගිකබවතුන් සඳහා අසිරිමත් නත්තල සැමරීමට අවශ්‍ය සෑම දෙයක්ම එකම වහලක් යටින් ලබා ගැනීමට හැකි වන පරිදි, දිවයින පුරා පිහිටි Arpico සුපිරි වෙළඳ සංකීර්ණ සූදානම් කර ඇති බවට සාඩම්බරව නිවේදනය කරයි.

නිවසට අවශ්‍ය ප්‍රමිතියෙන් සහ උසස් තත්ත්වයෙන් යුත් භාණ්ඩ පහසුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදි, Arpico සිය වටිනා පාරිභෝගිකබවතුන්ගේ සියලු අවශ්‍යතාවයන් සපුරා දෙනු ලබයි.

Arpico විසින් උත්සව සමයේ දී පාරිභෝගිකයින් හට දෛනිකව අත්‍යවශ්‍ය වන භාණ්ඩ, සැරසිලි, ගෘහ භාණ්ඩ, මෙට්ට, රබර් නිෂ්පාදන, ජල ටැංකි, විදුලි උපකරණ, නැවුම් නිෂ්පාදන, තෑගි භාණ්ඩ, තෑගි වවුචර්, හැම්පර් (භාණ්ඩ මළු) ඇතුළු වේගවත්ව අලෙවි වන නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට කටයුතු සලසා ඇත. එසේම 2024 නව වසරේ ජනවාරි මාසයේ 15 වැනි දින දක්වා පවතින විශේෂ දීමනා සමගින් අසමසම මිල ගණන් යටතේ, නත්තල් සැමරීම සඳහා පැමිණිය යුතු එකම ස්ථානය Arpico වේ.

Arpico හි පුළුල් පරාසයකින් යුත් විවිධ නත්තල් සැරසිලි තෝරාගැනීමට තිබෙන අතර පාරිභෝගිකයින් හට තම සියලුම සැරසිලි අවශ්‍යතා එකම වහලක් යටින් ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

මෙවර උත්සව සමයේ Arpico හැම්පර් සඳහා වෙළඳපොළ තුළ විශාල ඉල්ලුමක් පවතී. ඒ සඳහා පාරිභෝගිකයින් හට හැම්පර් වර්ග 10ක් තෝරා ගැනීමට හැකි අතර, ඒ සෑම එකක්ම සුපිරි භාණ්ඩ පෙළගැස්මකින් අසුරා ඇත.

උත්සව සමයේ ප්‍රීතිය සමරමින්, සතිපතා ආකර්ෂණීය වූ ත්‍යාග දිනා ගැනීමට අවස්ථා සලසා දෙමින් වඩාත් අපූර්ව නත්තලක අසිරිය විඳීමට Arpico පරිභෝගිකබවතුන් හට ආරාධනා කරයි.

මිලදී ගැනීම් අවස්ථා ප්‍රමාණය සහ නම් කරන ලද භාණ්ඩ වර්ග අතුරින්, තරග ජයග්‍රහණය සඳහා අදාළ සුදුසුකම් සහිත නිර්ණායක මත පදනම්ව සමානව ත්‍යාග දිනා ගැනීමට පාරිභෝගිකයින්ට ඇති අවස්ථා වැඩි කරමින්, Arpico විසින් නම් කරන ලද භාණ්ඩ වර්ග 67 කින් මිලදී ගැනීම් කරන ජයග්‍රාහකයින් සතිපතා තෝරා ගනු ලබයි.

ඒ අනූව සතිපතා දිනුම් ඇදීම සඳහා දිනුම් අවස්ථා 1ක් හිමිකර ගැනීමට, නම් කරන ලද වෙළඳනාම 3ක් ඇතුළත්ව රු. 5,000 සිට රු.7499ක අතර භාණ්ඩද, සතිපතා දිනුම් ඇදීම සඳහා දිනුම් අවස්ථා 02ක් සහ ප්‍රධාන ත්‍යාගය සඳහා දිනුම් අවස්ථා 1ක් හිමිකර ගැනීමට, නම් කරන ලද වෙළඳනාම 5ක් ඇතුළත්ව රු. 7,500 සිට රු.9,999 අතර භාණ්ඩද, සතිපතා දිනුම් ඇදීම සඳහා දිනුම් අවස්ථා 03ක් සහ ප්‍රධාන ත්‍යාගය සඳහා දිනුම් අවස්ථා 2ක් හිමිකර ගැනීමට, නම් කරන ලද වෙළඳනාම 7ක් ඇතුළත්ව රු.10,000 සිට රු.14,999 වටිනා භාණ්ඩ සහ සතිපතා දිනුම් ඇදීම සඳහා දිනුම් අවස්ථා 05ක් සහ ප්‍රධාන ත්‍යාගය සඳහා දිනුම් අවස්ථා 3ක් හිමිකර ගැනීමට, නම් කරන ලද වෙළඳනාම 10ක් ඇතුළත්ව රු.15,000 කට වැඩි භාණ්ඩ මිලදී ගැනීමෙන් ජයග්‍රහයෙකු වීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ.

Arpico වෙත පැමිණෙන සෑම අවස්ථාවකදීම විශේෂ ත්‍යාගයක් හිමිකර ගැනීමට අවස්ථාවක් සලසා දෙමින්, වටිනා රුපවාහිනී සහ සෝපාවන් (TV & Sofas) වැනි ඉහළ වටිනාකමකින් යුත් භාණ්ඩ සහ තවත් ත්‍යාග දිනා ගැනීමට වාසනාවන්ත පාරිභෝගිකයින් හට අවස්ථාව සැලසේ.

දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට ජයග්‍රහණය කිරීම සඳහා සමාන අවස්ථා සලසා දෙමින්, Arpico හි සියලුම ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළඳ මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසැල් සහ අලෙවිසැල් වල මෙම දිනුම් ඇදීම ක්‍රියාත්මක කරනු ඇත.

Visits: 51