Hayleys Lifesciences දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රය තවදුරටත් සවිබල ගන්වයි

දිවයිනේ ප‍්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටින සමාගමකි.

බි‍්‍රතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද ඖෂධ සංග‍්‍රහ (Pharmacopoeia) ඇතුළුව ඉහළම ගෝලීය ප‍්‍රමිතීන්ගෙන් යුත් විශ්ලේෂණ උපකරණ සපයමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් සවිබල ගැන්වීම මගින් අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය අවම කිරීමටත් දේශීය ඖෂධ කෙරෙහි ජනතා විශ්වාසය රඳවාතබා ගැනීමටත් සමාගම උත්සාහ කරයි.

මෙහිදී දත්ත අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා 21CFR හි Part 11ප‍්‍රමිතීන්වල අවශ්‍යතා සපුරාලන උසස් තත්වයේ මෘදුකාංග භාවිතා කරයි. ඖෂධ නිෂ්පාදනයේදී රසායනාගාර සැලසුම් කිරීමේ සිට කි‍්‍රයාත්මක කිරීම දක්වාම, Hayleys Lifesciences සිය විශ්වාසනීයත්වය තහවුරු කරයි.

”අපගේ රටට සහ ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ශක්තිමත් සහ තිරසාර ඖෂධ ක්ෂේත‍්‍රයක් ස්ථාපිත කිරීම අපගේ අරමුණයි. අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය මත ශ‍්‍රී ලංකාව රඳාපවතින අතර එය මෙරට මුදල් රටෙන් පිටතට යාමට මාර්ගයන් විවර කරනවා. දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදන කිරීම තුළින් රටට මූල්‍යමය අතින් වාසිදායක වන අතරම මෙරට ජනතාවට මුහුණපෑමට සිදුවන ෙඖෂධ හිඟයද ඉන් පහව යනවා.” යනුවෙන් Hayleys Lifesciences නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අතුල විජයානන්ද මහතා පැවසීය.

”අධිතාක්ෂණික විශ්ලේෂණ උපකරණ සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන කීර්තිමත් ජපන් නිෂ්පාදකයෙකු වන ෂිමාඞ්සු (Shimadzu) සමාගම සමඟ අපගේ ඇති දශකයකට එහා ගිය දිගුකාලීන හවුල්කාරිත්වය තුළින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව අත්‍යවශ්‍ය සහ නවීන තාක්ෂණයන් ඖෂධ කර්මාන්තයට ලබා දීමට අපට අවස්ථාව තිබෙනවා.” යනුවෙන් ඒ මහතා තවදුරටත් අදහස් දැක්වීය.

2021 දී, ෂිමාඞ්සු සමාගම පෙරළිකාර නවෝත්පාදනයක් ලෙස ලොව ප‍්‍රථම ජීවමාන විශ්ලේෂණ උපකරණය වන Living LC එළිදක්වන ලදි. මෙම නව්‍ය උපාංගය වසර 150ක නවෝත්පාදනයේ කූටප‍්‍රාප්තිය සනිටුහන් කළ අතර එහි තාක්ෂණයට මිනිසා හා සමානම හැකියාවන් අන්තර්ගත කර ඇත. Living LC හට විශ්ලේෂණාත්මක බුද්ධියක් ඇති අතර ඊට ස්වාධීනව කටයුතු කිරීමට හැකියාව ලබා දී ඇත. ආරම්භයේ සිට අවසානය දක්වා වඩාත් විශ්ලේෂණාත්මකව සහ ස්වයංක‍්‍රීයව මෙය ක‍්‍රියාත්මක වෙයි. දුරස්ථ අධීක්ෂණය හරහා කිසිදු මානව මැදිහත්වීමකින් තොරව බොහෝ සංකීර්ණ ක‍්‍රියාකාරකම් හැසිරවීමට මෙයට හැකි අතර, ඒවා අනාගත ස්මාර්ට් විද්‍යාගාර සඳහා වඩාත් සුදුසු වේ.

ෂිමාඞ්සු හි සේවාදායක ජාලය බොහෝ උපකරණ මධ්‍යම පාලන දත්ත පද්ධතියකට සම්බන්ධ කරන අතර ඒ හරහා පහසුවෙන් රසායනාගාර තොරතුරු කළමනාකරණ පද්ධති දක්වා ව්‍යාප්ත කළ හැක. මෙම සැකසුම කර්මාන්ත ප‍්‍රමිතීන්ට අනුකූලව සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් අධීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට ඉඩ සලසයි.

”නිරවද්‍ය විශ්ලේෂණ උපකරණ මගින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනය සඳහා ඇති අවස්ථා රැසක් තිබෙනවා. උසස් තාක්ෂණයට ප‍්‍රවේශ වීමට පහසුකම් සැලසීමෙන් සහ අපගේ පුළුල් සේවා සහ තාක්ෂණික විශේෂඥතාව උපයෝගී කරගනිමින්, ඉල්ලූමේ සහ සැපයුමේ ඇති මෙම තීරණාත්මක හිඩැස් මඟහරවා ගැනීමටත්, එමගින් සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය ඖෂධ සඳහා ඇති ප‍්‍රවේශය වැඩිදියුණු කිරීමටත් අපට හැකියාව තිබෙනවා.” යනුවෙන් ද විජයානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.

විශිෂ්ඨත්වය තුළින් සහ බාධාවකින් තොරව අලෙවියෙන් පසු සේවාවන් සහතික කිරීමට කටයුතු කරමින්,Hayleys Lifesciences විසින් පරීක්ෂණයක් ලැබී පැය 24ක් ඇතුළත තාක්ෂණික සහාය සැපයීම සඳහා තාක්ෂණික ඉංජිනේරුවන් සහ යෙදවුම් විශේෂඥ කණ්ඩායම් සන්නද්ධ කර ඇති අතර ඔවුන්ට නවතම සහ ගෝලීය විශිෂ්ඨතම භාවිතයන් සමඟ යාවත්කාලීන වීම සඳහා ආයතනය විසින් අඛණ්ඩ සේවාවක් ලබා දෙයි.

Visits: 69