“The Palace Gampaha” ව්‍යාපෘතිය සඳහා Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයා වන Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට පසුගියදා කටයුතු යොදා තිබේ.

ඒ අනුව මෙම එකඟතාව යටතේ එම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි පද්ධති පිළිබඳව මූලික වගකීම සහ දායකත්වය Orel Corporation විසින් දරනු ලැබේ. 

දේශීය හා ජාත්‍යන්තර වශයෙන්  යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලි පද්ධති සැලසුම් කිරීම, එහි අන්තර්ගත විදුලි උපාංග නිෂ්පාදනය සහ සැපයීම සම්බන්ධයෙන් දශක හතරකට ආසන්න විශේෂඥ දැනුමකින් යුතු Orel Corporation, ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව ඇතුළු මහාද්වීප 5ක සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතියට අදාළ ව්‍යපෘති කළමනාකරණය, නිෂ්පාදනයට අවශ්‍ය භාණ්ඩ සැපයීම, අලෙවියෙන් පසු සේවාවන් , නඩත්තු කටයුතු සහ බෙදා හැරීම ඇතුළු ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ EM2 කාණ්ඩයට අයත් සියලුම විදුලි ඉංජිනේරු සේවා  සැපයීම වෙනුවෙන්  සිය දායකත්වය ලබාදීමට Orel Corporation අපේක්ෂා කරයි.

Altair, Lux Resort (මාලදිවයින), Access Capital Heights, ITUM, ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය, සහ 606 The Address වැනි සුවිශේෂී ව්‍යාපෘති සඳහා Orel Corporation විසින් දක්වන ලද කැපී පෙනෙන දායකත්වය සහ එම ව්‍යාපෘති විශිෂ්ට ලෙස විද්‍යුත් බලයෙන් බලගැන්වීම තුළින් ගොඩනගා ගත් කීර්ති නාමය සහ විශ්වාසනීයත්වය මෙම නවතම ව්‍යාපෘතියේ හවුල්කාරීත්වය හිමි වීම කෙරෙහි මූලික පදනමක් වී තිබේ.

Visits: 57