CameraLKසිය ශාඛා ජාලය පුළුල් කරමින් යාපනය නගරයට පිවිසෙයි

ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන උතුරු පලාතේ ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක තත්ත්වයේ කැමරා ආම්පන්න පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකාවේ විශාලතම කැමරා ආම්පන්න අලෙවි සමාගම වන CameraLK විසින් සිය තුන්වන ශාඛාව යාපනය නගරයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී.

මෙම නව යාපනය ශාඛාව දියත් කිරීම CameraLK හි, ශ්‍රි ලංකාව පුරා පුළුල් පාරිභෝගික ප්‍රජාවක් නිර්මාණය කරමින් ඡායාරූපකරණයේ ගුණාත්මක අගය ඉහළ නැංවීමේ උපායමාර්ගික එළඹුඹේ තවත් එක් සන්ධිස්ථානයකි.  

යාපනයේ නව ශාඛාව Sony ආයතනයේ RMDC විකුණුම් ප්‍රධානී  Stanley Tan, Sony ආයතනයේ  RMDC DI අලෙවි ප්‍රධානී  Karan Sum සහ  CameraLK හී කළමනාකරණ අධ්‍යක්ෂක අනුෂ්ක ගුණසිංහ මහතාගේ සුරතින් සුබ මොහොතින් විවෘත වූ අතර ආරාධිත අමුත්තන් සහ CameraLK කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී විය.

කාර්ගිල්ස් චතුරස්‍රය, පළමු මහල, අංක 09 ස්ථානයේ පිහිටා ඇති මෙම නව අලෙවිසැල ඡායාරූපකරණ අවශ්‍යතාවයන්ට මනාව ගැළපෙන කැමරා ආම්පන්න නිරීක්ෂණය කිරීමට සහ ඒවා මිලදී ගැනීමට නවීන පහසුකම් සහිතව නිර්මාණය කර ඇත.  උසස් තත්ත්වයේ DSLR කැමරා, පහසුවෙන් හැසිරවිය හැකි mirrorless කැමරා, point-and-shoot  කැමරා සහ විශාල පරාසයක පැතුරුණු විවිධ කැමරා ආම්පන්න රැසක් යාපනය නව ශාඛාවේ තිබෙන අතර උතුරු පළාතේ පාරිභෝගිකයන්ට තමන්ගේ අවශ්‍යතාවට සරිලන නවීන මාදිලියේ උපකරණ රැසක් එකම තැනකින් සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.

ව්‍යාපාර පුළුල් කිරීමේ මේ කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක අනුෂ්ක ගුණසිංහ මහතා,“ඇත්තටම යාපනය ප්‍රදේශයේ අපේ ශාඛාවක් විවෘත කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා වගේම උතුරු පලාතේ සිටින ඡායාරූපකරණයට කැමති අයට සහ ඡායාරූප ශිල්පීන්ට නවීන උපකරණ එකම තැනකින් ලබාගැනීමේ අවස්ථාව උදාකර දීමට අපට හැකියාව ලැබී තියෙනවා. මෙම නව ශාඛාව හරහා විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමග උසස් තත්ත්වයේ ලොව පිළිගත් නවීන කැමරා ආම්පන්න වඩා සාධාරණ මිලකට ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.”

විශාල පරාසයක පැතුරුණු කැමරා සන්නාම ඇතුළත් උසස් තත්ත්වයේ කැමරා සහ කැමරා ආම්පන්න වඩාත් පහසුවෙන් දැකබලා ගැනීමට මෙන්ම එකම ක්ලික් එකකින් තමන් අවශ්‍ය කැමරා ආම්පන්න අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට අවකාශය  www.cameralk.com  වෙබ් අඩවිය හරහා සලසා දී තිබේ. එසේම පාරිභෝගිකයන්ට 0771187870 සහ 0771397872 අංක ඔස්සේ සෘජුවම CameraLK යාපනය ශාඛාව ඇමතිය හැකි අතර තමන්ගේ ඕනෑම කැමරා අවශ්‍යතාවයක් හෝ ඇණවුම් කිරීමක් ඉතාම පහසුවෙන් සහ ඉක්මනින් ලබාගැනීමේ අවස්ථාව ද පවතී.

Visits: 42