TVS Motor සමාගම යුරෝපීය වෙළඳපොල අවස්ථා පුළුල් කර ගැනීමට Emil Frey සමග අත්වැල් බැඳ ගනී

මෝටර් බයිසිකල් සහ ත‍්‍රිරෝද රථ සඳහා ජාත්‍යන්තර කීර්තියක්‌ හිමිකරගත් TVS Motor සමාගම යුරෝපීය වෙළඳපොළ අවස්ථා පුළුල් කර ගැනීම වෙනුවෙන් මෝටර් රථ බෙදා හැරීමේ ප‍්‍රධානතම සමාගමක් වන Emil Frey සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇත.

Emil Freyහි පුළුල් බෙදාහැරීමේ ජාලය සහ යුරෝපයේ වෙළඳපල පිළිබඳ ඇති දැනුමෙන් ප‍්‍රයෝජන ගෙන ගෝලීය වශයෙන් ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම ඉලක්ක කරගනිමින් TVS Motor සමාගම මෙම සහයෝගීතාවයට එළඹෙන ලදි. TVS Motor සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදර්ශන් වෙනු සහ Emil Frey සමූහයේ අධ්‍යක්ෂ Lorenz Frey-Hilti අතර  මෙම එකඟතාවට පිවිසීම සිදු විය.

නවෝත්පාදන සහ ගුණාත්මකභාවය සඳහා වූ කැපවීම වෙනුවෙන් පිළිගත් TVS Motor සමාගම යුරෝපීය පාරිභෝගිකයින්ට ඉහළ කාර්ය සාධනයක් සහිත සහ තාක්ෂණිකව දියුණු මෝටර් බයිසිකල් පිරිනැමීමට සැලසුම් කරයි.

TVS Motor සමාගම සහ Emil Frey යන දෙපාර්ශවයම වගකීම් සහගතව තිරසාරත්වය සහතික කිරීම සඳහා කැපවෙමින්, විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහ පාරිභෝගික තෘප්තියක් ලබා දීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. මෙම හවුල්කාරිත්වය ගොඩනැගී ඇත්තේ TVS Motor සමාගමේ අති නවීන විසඳුම් කෙරෙහි අවධානය යොමු කරමින් සහ යුරෝපීය පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ Emil Frey හට ඇති දැනුම පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරමිනි. මෙම සහයෝගීතාවය TVS Motor යුරෝපය පුරා ව්‍යාප්ත වීම සඳහා සුවිශේෂී පදනමක් සාදමින් වෙළඳපොලේ ශක්තිමත් පැවැත්මක් නිර්මාණය කරයි.

යුරෝපීය මෝටර් රථ ආනයනය සහ පාරිභෝගික වෙළඳාමේ ප‍්‍රබලයෙකු වන Emil Frey, එහි පුළුල් විකුණුම්, අලෙවිකරණ සහ සේවා ජාල හරහා තෝරාගත් රටවල TVS නිෂ්පාදන බෙදා හැරීම හසුරුවනු ඇත. මෙම හවුල්කාරිත්වය හරහා යුරෝපයේ පවතින TVS නිෂ්පාදන අතරට TVS Jupiter 125,TVS NTORQ, TVS Raider, TVS iQube S, TVS X, TVS Ronin, TVS Apache RR 310සහ TVS Apache RTR 310 ඇතුළත් වේ.

TVS Motor සමාගම දැනටමත් ආසියාව, අප‍්‍රිකාව සහ ලතින් ඇමරිකාව පුරා රටවල් 80කට අධික ප‍්‍රමාණයක සිය නිෂ්පාදන අලෙවි කරයි. 2023 මූල්‍ය වර්ෂයේ පළමු භාගය වන විට, සමාගමේ ලාභයෙන් 25% ක් පමණ අපනයනවලින් උපයා ඇත. එමගින් ඉහළ ප‍්‍රමිතියකින්, තාක්ෂණිකව උසස් නිෂ්පාදන සහ ශක්තිමත් පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් සඳහා සමාගමේ කීර්තිය ඉස්මතු කරයි.

Visits: 49