Hayleys Solar වෙතින්  සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බල ශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සපයන්නා (Solar Provider) වන Hayleys Solar විසින් ඔවුන්ගේ නවතම පෙරළිකාර නිෂ්පාදනය ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපලට හඳුන්වා දෙන ලද බව පවසයි.

මෙය ශ්‍රී ලංකාවේ ජල සැපයුම් අභියෝගවලට තිරසාර හා කාර්යක්ෂම විසඳුමක් වන අතර මෙමඟින් කෘෂිකර්මාන්ත කටයුතුවල සිට නිවසේ දෛනික ජල අවශ්‍යතාවලදී ද වැයවන බලශක්තියේ සැලකිය යුතු ඉතිරියක් ලබාදෙයි.

පහසුවෙන් ස්ථාපනය කිරීමේ හැකියාව සහ ධාරිතා කිහිපයකින් යුත් මෙම පොම්ප ස්ථාවර ජල සැපයුමක් සහතික කිරීම සඳහා ධනාත්මක බලපෑමක් ලබා දෙන අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා Hayleys Solar හි කැපවීම ද මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය කරයි.

දශකයකට වඩා දිගු කාලයක වෙළෙඳපල අත්දැකීම් මෙන්ම දිවයින පුරා මෙගාවොට් 150කට අධික සූර්ය බලශක්ති පද්ධති සාර්ථකව ස්ථාපනය කිරීමේ වාර්තාගත අත්දැකීම් සහිත Hayleys Solar යනු Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශයයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hayleys Fentons හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය, පශු සම්පත් කළමනාකරණය සහ පතල් කැණීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවලදී ජල සම්පාදනය පිළිබඳව අභියෝග රැසකට මුහුණ දෙනවා. මෙම අභියෝග අවම කර ගැනීමටත්, රටේ කාලීන ගැටලුවක් වන ස්ථාවර ජල සැපයුමක් සහතික කිරීම කෙරෙහි තිරසාර විසඳුමක් ලෙසත් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප හඳුන්වාදීම වැදගත් වෙනවා.”

Hayleys Solar හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා මේ පිළිබඳව ඔහුගේ අදහස් මෙසේ සඳහන් කළේය. “මෙම නිෂ්පාදනය ගොවීන්, නිවාස හිමියන් සහ ව්‍යාපාරිකයින් සඳහා සැලකිය යුතු ඉතිරියක් හිමි කර දෙනවා. මළ නොබැඳෙන වානේ නිමාව නිසා මෙම පොම්පය ඕනෑම දේශගුණික තත්ත්වයක් සඳහා සුදුසු වන අතර නඩත්තුව අවමයි. දිගු කල් පැවැත්ම සහතික කර ඇති මෙම නිෂ්පාදනය හිරු එළිය බහුල ශ්‍රී ලාංකික දේශගුණික තත්ත්වයට මැනවින් ගැළපෙන පරිසර හිතකාමී තිරසාර ප්‍රවේශයක් .”

අවම තාක්‍ෂණික විශේෂඥතාවක් සහිතව පහසුවෙන් ස්ථාපිත කර ගැනීමට ඇති හැකියාව සහ පාරිභෝගිකයින්ට කඩිනමින් ජල පද්ධතිය සකස් කර සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්පය භාවිත කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ආදිය මෙම නිෂ්පාදනයේ කැපී පෙනෙන ගුණාංගයයන් බව පවසන මෙම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මහේෂ් අබේවික්‍රම මහතා වැඩිදුරත් අදහස් දැක්වුවේය.

“සෑම ජල කළමනාකරණ අවශ්‍යතාවයක්ම එකිනෙකට වෙනස් බව අපි තේරුම්ගත්තා. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම ජල පොම්ප 0.5HP සිට 2HP දක්වා ධාරිතාවකින් යුක්තයි. ඒ වගේම එමඟින් දිනකට ලීටර් 25,000ක් දක්වා ජල පරිමාවක් පොම්ප කර ගත හැකියි.”

Visits: 63