වැලිබල් ෆිනෑන්ස් වෙතින් කොටසකට රුපියල් 1.00ක් බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගත වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (VFIN.N0000) සිය කොටස්හිමිකරුන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.00ක් බැගින් ලාභාංශ ගෙවන බව එම සමාගම සඳහන් කරයි.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 27 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XDDate) ලෙස ජූලි 07 වැනිදා නම් කර තිබේ.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසන්වරට සිදු වුණු පසුගිය සිකුරාදා දිනයේදී වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 32.30ක් ලෙස සටහන්ව තිබුණි. මෙය ඊට පෙර දිනයේ පැවැති රුපියල් 32.50ක වටිනාකමට සාපේක්ෂව රුපියල් ශත 20ක එනම් 0.62%ක පසුබැසීමකි.

Visits: 92