සොෆ්ට්ලොජික් ලයිෆ් AI තාක්ෂණයෙන් සවිබල ගැන්වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම එළි දක්වයි

ශ‍්‍රී ලංකාවේ දෙවැනි  විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්,artificial intelligence (AI) තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම මෑතකදී මෑතකදී එළි දක්වන ලදී.

මෙහිදී deepfake යන නවමු තාක්ෂණ ක‍්‍රමවේදය යොදාගනිමින්, 70-80 දශකයේ බිහිවූ කෘතහස්ත ගායකයින් සිව් දෙනෙක් වන එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන සහ සුනිල් පෙරේරා නැවත ප‍්‍රතිනිර්මාණය කරන්නට සමත් වී ඇත.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රචලිත ‘ලෙඩ ලෙඩ‘ තාලයට මෙම කලාකරුවන් සිව්දෙනා ඉදිරිපත් කරන නිර්මාණාත්මක ප‍්‍රචාරණය මේ වන විට ශ‍්‍රී ලංකාවේ සෑම දෙනෙකු අතරම දැඩි ජනප‍්‍රියත්වයට පත්ව ඇත.

මේ වනවිට ලොව පුරා ඇති සන්නාම,  තමන්ගේ පාරිභෝගිකයන් වෙත වින්දනීය සහ සිත් ඇදගන්නාසුළු අත්දැකීම් ගෙන එම සඳහා AI තාක්ෂණය යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුකර ඇත.

එවැනි පසුබිමක් තුළ, ශ‍්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත‍්‍රයට නවෝත්පාදනයන් රැසක් හඳුන්වා දුන් (එක්දින හිමිකම් ගෙවීම්, ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට සෞඛ්‍ය රක්ෂණයන් හඳුන්වා දීම, ජීවිත රක්ෂණ අලෙවිය පිළිබඳව ධනාත්මක පැතිකඩක් ගෙනා ‘ලෙඩ ලෙඩ’ ප‍්‍රවර්ධන වැඩසටහන) සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම, මෙම වෙළඳ දැන්වීම එළිදක්වන්නට නවතම තාක්ෂනය භාවිතා කරමින්, තවත් එක වැදගත් සහ නිර්භීත පියවරක් තබා ඇතැයි පවසයි.

වසර 5ක් තුළ 25%ක් වූ වර්ධන වේගයක් (14%ක වෙළඳපල වර්ධන වේගයට එරෙහිව) අත්පත් කරගත් සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම, වසර 5ක් තුල පස්වන වෙළඳපොල ස්ථානයෙන්, දෙවන ස්ථානයට පත්වූ අතර, 2022 වසර අවසානයේ රු. බිලියන 23ක දළ වාරික ආදායමක් අත්පත් කරගන්නා ලදී.

මෙම වසර කිහිපය තුලදී, තම සමාගමේ නවෝත්පාදන ප‍්‍රවේශය සැබවින්ම සාර්ථක  එකක් බව සොෆ්ට්ලොජික් ලයිෆ් ඔප්පු කර ඇත.Deepfake තාක්ෂණය යොදාගනිමින් මෙරට ප‍්‍රථම රූපවාහිනී වෙළඳ දැන්වීම නිර්මාණය කළ සමාගම වශයෙන්, ශ‍්‍රී ලංකාවේ අනෙකුත් සමාගම්වල අලෙවිකරණ උපාය මාර්ගයන්   සඳහා, අදාළ සදාචාරාත්මක සහ නෛතික රාමුන් තුළ, මෙම තාක්ෂණය යොදාගැනීමේ හැකියාවන් පිළිබඳව දැනුවත් කරන්නට බලාපොරොත්තු වේ.

මෙම සුවිශේෂී සංකල්පය පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා, ”මෙම වෙළඳ දැන්වීමේ පෙනී සිටින අග‍්‍රගණ්‍ය කලාකරුවන් සෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේම ආදරය සහ ගෞරවය දිනා ඇති අතර, ඔවුන්ගේ සංගීතය තවත් චිරාත් කාලයක් අප අතරේම පවතින බව නොරහසක්. අපේ හදවත්වල ජීවමානව සිටිනා මෙම ගායකයින් සිව් දෙනා තුළින්,  ජීවිත රක්ෂණයේ වැදගත්කම සහ එයින් ලබාදෙන ආරක්ෂාව පිළිබඳ වූ පණිවිඩය ශ‍්‍රී ලාංකිකයන් හට ගෙන යන්නට හැකිබව අපට වැටහුණා. මෙම දැන්වීමේ ඇති වැදගත් හරය සහ කාලෝචිත පණිවිඩය නරඹන්නන් මැනවින් තේරුම් ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසයි.

Visits: 83