පළමු වරට screen-printed වීදුරු බෝතල් වෙනුවෙන් HEINEKEN Lanka සහ PGP ග්ලාස් සිලෝන් එක් වෙයි

ආහාර හා පාන වර්ග සඳහා වීදුරු බෝතල් නිෂ්පාදනය කරන එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදකයා වන PGP Glass Ceylon PLC සමාගම සහ HEINEKEN N.Vහි පූර්ණ අනුබද්ධ සමාගමක් වන HEINEKEN Lanka ලිමිටඩ් එක්ව මි.ලී 625ක නැවත භාවිත කළ හැකි screen printing තාක්ෂණයෙන් යුත් වීදුරු බෝතලයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වා දුන් බව පවසයි.

ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා නෙදර්ලන්ත තානාපති ගරු Bonnie Horbach මහත්මිය ඉදිරියේ දියත් කරන ලද මෙම නවතම නිෂ්පාදනය අති නවීන screen printing තාක්ෂණය යොදා ගනිමින් PGP Glass Ceylon PLC සමාගම විසින් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කොට ඇත.

ආසියානු පැසිෆික් කලාපය තුළ HEINEKEN සමාගමක් එවන් බෝතලයක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව වන මේ තුළින් ප්ලාස්ටික් හා කඩදාසි මත පදනම් වූ ලේබල් භාවිතය විශාල ලෙස අවම කිරීමට හැකි වන අතර ආපසු ලබා දිය හැකි බෝතලයක් වීම හේතුවෙන් අපද්‍රව්‍ය අවම කිරීම වෙනුවෙන් පාරිභෝගිකයින් දිරි ගැන්වීමටද අවකාශ උදා වේ.

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වෙමින් PGP Glass Ceylon PLC හි විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Sanjay Jain මහතා, “වීදුරු බෝතල් මත screen printing සිදු කිරීම පහසු කරුණක් නොවූවද ඉන් පරිසරයට එල්ලවන ධනාත්මක බලපෑම ඉතා විශාලයි. විශේෂයෙන් සමාජ තිරසාරත්වය කෙරෙහි දැඩි අවධානයකින් පසුවන සමාගමක් ලෙස එහි තිරසාර ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවර සමඟ එක් වෙමින් අපගේ කාර්ය භාරය ඉටු කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වනවා” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ HEINEKEN Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා Maud Meijboom-van Wel මහත්මිය “භාවිත කළ හැකි මි.ලී 625ක screen printed බෝතලයක් දියත් කිරීම වෙනුවෙන් PGP Glass Ceylon PLC ලබා දුන් විශ්වසනීය හවුල්කාරීත්වය පිළිබඳව මෙහිදී ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මේ අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නෙදර්ලන්ත තානාපතිනි Bonnie Horbach මහත්මියටත් මාගේ ගෞරවණීය ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කොට ගැනීමට කැමතියි” යනුවෙන් පැවසුවාය.

මෙම එළි දැක්වීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා නෙදර්ලන්ත තානාපතිනි Bonnie Horbach මහත්මිය, “PGP Glass Ceylon PLC සහ HEINEKEN Lanka සමාගම එක්ව ඒ සඳහා ගෙන ඇති පියවර මා අගය කර සිටින අතර තිරසාරභාවය හා නම්‍යශීලීත්වය සම්බන්ධයෙන් තව දුරටත් නව්‍යකරණ නිෂ්පාදන හා සේවාවන් ඔවුන් සිදු කරනු ඇතැයි මා බලාපොරොත්තු වනවා” යනුවෙන් සඳහන් කරයි.

Visits: 141