හමීඩියා පියවරුන්ගේ දිනය වෙනුවෙන් ත්‍යාග දහසක් පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, පියවරුන්ගේ දිනය වෙනුවෙන් සෑම තරාතිරමකම සිටින පියවරුන් සඳහා විශේෂ ත්‍යාග 1,000 ක් පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

මෙම ත්‍යාග ලැබීමට සුදුසු පියවරුන් නම් කොට ඔවුන් විශේෂ වන්නේ ඇයි දැයි යන්න පිළිබඳව ඕනෑම භාෂාවකින් කෙටි විස්තරයක් හමීඩියා ෆෙස්බුක්, ඉන්ස්ටග්‍රෑම් පිටු හෝ  marketing@hameedia.com වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ආයතනය විසින් තෝරාගනු ලබන සුදුසු පියවරුන් 1,000කට ආකර්ෂණීය හමීඩියා ඇඟලුම් සහිත අගනා ත්‍යාග පිරිනමනු ඇත.

නිසි අධ්‍යාපනය, යහපත් සෞඛ්‍ය, පෝෂණීය ආහාර පාන, ඇඳුම් පැළඳුම් යනාදී සියලුම දේ තමුන්ට හැකි අයුරින් සපයමින් දරුවන් ඇති දැඩි කිරීමට දෙමාපියන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවට සැකයක් නැත. නමුත් දරුවන් තම ජීවන අරමුණු වලට ලඟා වීමේ ක්‍රියාවලියේ දී දෙමාපියන් වයස් ගත වූ පසු බොහෝ විට ඔවුන්ව නොසලකා හරිනු ලබන අතර, මේ හේතුවෙන් දෙමාපියන් ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලය ඉතාමත් අසතුටින් ඛේදනීය ලෙස ගත කරයි. අඩු වරප්‍රසාද ලත් ප්‍රජාවන්ගේ දෙමාපියන් තම ජීවන ගමනේදී ඊටත් වඩා දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව තේරුම් ගත හැකිය.

පියවරුන්ගේ දිනය වෙනුවෙන් දියත් කරන ලද මෙම මුලපිරීම හරහා, හමීඩියා ආයතනයේ අරමුණ වන්නේ දරුවන් ඇති දැඩි කිරීම සඳහා පියවරුන් විසින් සිදුකරන දැවැන්ත දායකත්වය අගය කරමින් පියවරුන් වඩාත් හොඳින් රැකබලා ගැනීමට සහ ඔවුන්ව හැකි සෑම විටම අගය කිරීමට දරුවන් නිරන්තර උත්සාහයක් ගත යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමයි.

හමීඩියා ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා ප්‍රකාශ කළේ, “ දරුවන් ඇති දැඩි කිරීමට දෙමව්පියන් දැඩි වෙහෙසක් දරනවා. වසරකට වරක් මව්වරුන්ගේ දිනය සහ පියවරුන්ගේ දිනය වැනි සැමරුම් හොඳයි, නමුත් මෙවන් සැමරුම් එක් දිනකට පමණක් සීමා නොවී අපට හැකි සෑම විටම සුළු ආකාරයකින් හෝ දෙමව්පියන්ව අගය කිරීම සිදුකල යුතුයි. ආදරය, කරුණාව, සැලකිල්ල වැනි අපගේ සුළු ක්‍රියාවකින් පවා දෙමව්පියන් ඉමහත් සතුටට පත් වන අතර ඔවුන්ට විශේෂ අවධානයක් යොමු කර නිරන්තරයෙන් අගය කිරීමට අප පුරුදු විය යුතුය. දෙමාපියන් මහලු සහ දුර්වල වූ විට ඔවුන්ව හොඳින් රැකබලා ගැනීමේ වැදගත්කම සහ ආනිශංස ගැන සෑම ආගමකම උගන්වනවා. ඒ නිසාම වසරේ සෑම දවසක්ම පියවරුන්ගේ දිනය විය යුතුයි කියා මම තරයේ විශ්වාස කරනවා.”

1949 දී ආරම්භ කරන ලද හමීඩියා ආයතනය ශ්‍රී ලාංකේය පිරිමි ඇඟලුම් විලාසිතා ක්ෂේත්‍රය තුල ප්‍රවණතා සකස් කරන්නන් බවට පත් වී ඇති අතර සෑම විටම උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙයි. හමීඩියා හි තත්වයෙන් උසස් ඇඟලුම් සන්නාම එකතුවට Envoy, Le Bond, Signature, Roseavelt, Van Heusen, Louis Philippe, Park Avenue සහ Adidas ඇතුළත් වේ.

Visits: 43