සන්ෂයින් හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂ විශ්වනාත්මූර්ති ගෝවින්දස්වාමි HNB අධ්‍යක්ෂ මණ්ඩලයට

මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස විශ්වනාත්මූර්ති ගෝවින්දස්වාමි මහතා පත් කරගත් බව පවසයි.

පසුගිය ජූනි 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නව පත් කිරිම සිදු කර තිබේ. මෙම නව පත් කිරිම සඳහා මහ බැංකුවෙහි බැංකු ආවේක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේද අනුමැතිය හිමිව ඇතැයි එම සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම පත්වීම ලබන අවස්ථාව වන විට ගෝවින්දස්වාමි මහතා සතුව හැටන් නැෂනල් බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් බැංකුව සඳහන් කරයි.

විශ්වනාත්මූර්ති ගෝවින්දස්වාමි හෙවත් විශ් ගෝවින්දස්වාමි මහතා වර්තමානයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි.

එසේම ඒ මහතා ලංකා වාණිජ මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

ගෝවින්දස්වාමි මහතා ශ්‍රී ලංකා වෘත්තීය කළමනාකරුවන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකුද වෙයි.

Visits: 141