සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් වෙතින් කොටසකට රුපියල් 28.84ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී (BREW.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 28.84ක් ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පවසා සිටියි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 14 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස (XD Date) ජූනි 22 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසා සිටියි.

Visits: 119