The Coca-Cola Foundation කොළඹ ප්ලාස්ටික් දුෂණය පිටුදැකීමට ‘Eko Wave’ ස්ථාපිත කරයි

Coca-Cola පදනම (TCCF), Eco-Spindles සහ Janathakshan එක්ව 2023 ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව කොළඹදී ‘Eko Wave’ නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF)මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා සහභාගීත්වයෙන් නිල වශයෙන් දියත් කරන ලදී.

‘ප්ලාස්ටික් දුෂණය සඳහා විසඳුම්’ යන එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දින තේමාව අනුව යමින් ගනු ලැබූ වැදගත් පියරක් ලෙස කොළඹදී දියත් කරන ලද මෙම Eko Wave MRF මධ්‍යස්ථානය හඳුන්වා දිය හැකියි.එමගින් පාරිසරික තිරසාරභාවය සඳහා ඔවුන්ගේ ඇති දැඩි කැපවීම මැනවින් පෙන්නුම් කෙරෙන අතර මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශක්තිමත් විසඳුමක් ද සපයනු ලබයි.

මෙම MRF මධ්‍යස්ථානය විශේෂ තාක්ෂණය සහ අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ නව්‍ය ක‍්‍රම භාවිතා කරමින් කලාපයේ දැනට පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අභියෝගවලට කදිම විසඳුමක් ලබා දෙයි.එය වගකීම් සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය සඳහා කදිම නිදසුනක් ද සපයනු ලබයි.

මෙම MRF මධ්‍යස්ථානය සඳහා අරමුදල් සපයන ලද්දේ Coca-Cola හි පරිත්‍යාගශීලී හස්තය වන Coca-Cola පදනම (TCCF), සහ ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නා වන Eco Spindles ය. එය ක‍්‍රියාත්මක කරනු ලැබුවේ ලාභ නොලබන සංවිධානයක් වන Janathakshan (GTE) Ltd කොළඹ දිස්ත‍්‍රික්කයේ අපද්‍රව්‍ය එකතු කිරීමේ කි‍්‍රයාදාමය ශක්තිමත් කරමින් මෙම Eko Wave හරහා මසකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 20,000කට වැඩි ප‍්‍රමාණයක් එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ හැකියාව ඇත.

ප‍්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස කොළඹින් දිනකට අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 1057.5ක් පමණ ජනනය වෙයි. Eko Wave විසින් මෙයට පිළියමක් ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම තවත් පුළුල් කිරීම සඳහා අවිධිමත් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලය සමඟ සම්බන්ධ වීමෙන් පූර්ව පියවර ගෙන ඇත.

ඒ අනුව ඔවුන් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය වෙන් කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් වෙත යැවීමට පෙර අපද්‍රව්‍ය බේල් කිරීම මඟින් තෙරපා සහ ක‍්‍රශ් කිරීම මඟින් කුඩා කැබලි වලට කපා අගය එකතු කිරීමේ ක‍්‍රියාවලියකට භාජනය කරනු ඇත.පසුව ඒවා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සහ නිෂ්පාදන සමාගමක් වන Eco Spindles වෙත යවනු ලැබේ.

මීට අමතරව Eko Wave විසින් පාසල් සහ ප‍්‍රජාවන් ඉලක්ක කර ගනිමින්, වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීමේ ක‍්‍රමවේද ප‍්‍රවර්ධනය කිරීමට සහ PET ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සිය මූලිකත්වය ලබා දෙයි. දැනටමත් මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් 25ක් හරහා කොළඹ නගරයේ පුද්ගලයින් 2000කට කසළ වගකීමෙන් බැහැර කිරීම පිළිබඳ දැනුම ලබා දී ඇත.

මෙම අවිධිමත් අපද්‍රව්‍ය එකතුකරන්නන්ගේ ජාලය පුළුල් කිරීමෙන් මෙම පහසුකම හරහා පුද්ගලයන්ට, විශේෂයෙන් උදව් උපකාර අවශ්‍ය ප‍්‍රජාවන්ට අමතර ආදායම් මාර්ග උපයා ගැනීමට අවස්ථාව සලසා දෙයි. මේ වන විට අපද්‍රව්‍ය එකතුකරන්නන් 115 කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ හැකියාවන් තවත් ශක්තිමත් කිරීමට Eko Wave කටයුතු කරයි.

තවද එය ‘‘නැවත මිලදී ගැනීමේ” මධ්‍යස්ථානයක් ලෙස ක‍්‍රියා කරනු ලබන අතර, ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ට ඔවුන්ගේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි කසළ කෙලින්ම MRF වෙත ලබා දීමට හැකි වේ. ඒ හරහා ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදාවෙයි.

Visits: 56