ඉන්ධන මිල සංශෝධනයෙන් ඔක්ටේන් 92 රුපියල් 15කින් පහළට, ඔක්ටේන් 95 යූ‍රෝ 4 රුපියල් 20කින් ඉහළට

ඊයේ (මැයි 31) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරන බව රජය පවසයි.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කෙරී ඇති අතර, නව මිල රුපියල් 318ක් ලෙස සටහන්ව තිබේ.

එසේම ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රැපියල් 20 කින් මිළ ඉහල ගොස් තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රැපියල් 385කි.

මේ අතර ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10කින් මිල ඉහළ යනු ඇත. එ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රැපියල් 340 ක් වේ.

ලංකා භූමිතෙල් ලීටරයක් රැපියල් 50කින් අඩු කෙරෙනු ඇත. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රැපියල් 245ක් වේ.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රැපියල් 60කින් අඩු කෙරෙනු ඇත. ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් වේ.

Visits: 63