ලංකා අශෝක් ලේලන්ඩ් වෙතින් රුපියල් 5.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම (ASHO.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5.00 බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම බව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 04 වැනිදා ලෙස ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස අගෝස්තු 14 නම් කෙරී තිබේ.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් එම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇතැයිද සමාගම සඳහන් කරයි. ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන අගෝස්තු 11 වැනිදා පැවැත්වෙන බවත් සමාගම පවසා සිටියි.

Visits: 64