amanté නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානපතිනිය ලෙස යුරේනි නොෂිකා එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමීප ඇඟලුම් සන්නාමයක් වන amanté හි නවතම ඇඟලුම් එකතුවේ සන්නාම තානාපතිනිය ලෙස, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා එක් වී සිටී.

මෙම නවතම ඇඟලුම් එකතුව, එදිනෙදා භාවිතයට මෙන්ම කායික ක්‍රියාකාරකම්වල යෙදීමේදී හැඳීමට සුදුසු ‘athleisure’ කාණ්ඩයේ ඇඟලුම් එකතුවකි.

මෙම වසර මුලදී හඳුන්වා දෙන ලද මෙම ඇඟලුම් එකතුව සහනදායී මිලගණන්වලින් යුත්, අලංකාර හා ප්‍රායෝගික ඇඟලුම් පෙළක් වන අතර, මෙය amanté හඳුන්වා දුන් ප්‍රථම බාහිර ඇඟලුම් එකතු ලෙසද සැලකේ.

විවිධ කලා හැකියාවන් ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින යුරේනි නොෂිකා, නිරෝගී ජීවිතයක් ගතකිරීමේ වැදගත්කම සිය රසික රසිකාවියන්ට නිතර පෙන්වා දෙන කලා ශිල්පිනියකි. මින් ඉදිරියට ඇය amanté විසින් රට පුරා ක්‍රියාවට නංවනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් මාලාවකට දායක වනු ඇත.

“යුරේනිගේ ක්‍රියාශීලී ජීවන රටාව සහ පිරිපුන් පෞරුෂත්වය හේතුවෙන් විශාල වශයෙන් ජනාදරයට පත් වී සිටින කලා ශිල්පිනියක්. මේ නව ඇඟලුම් එකතුවේ සන්නාම තානාපතිනිය ලෙස අප ඇය තෝරාගත්තේ ඒ නිසයි. ඇගේ ජනප්‍රියත්වය ඔස්සේ ක්‍රියාශීලී ජීවිතයක වැදගත්කම අවධාරණය කිරීමට අප බලාපොරොත්තු වනවා.” amanté සාමාන්‍යාධිකාරිනී ගයනි ගුණවර්ධන මෙනෙවිය පැවසුවා ය.

amanté නව ‘athleisure’ ඇඟලුම් එකතුව විවිධාකාර ශරීර ප්‍රමාණයන්ට හා හැඩයන්ට මෙන්ම විවිධාකාර ජීවන රටාවන්ට ගැළපෙන ආකාරයට, අලංකාර හා කල් පවතින ලෙස නිපදවා තිබේ. ව්‍යායාම කිරීමට වුවද, සාමාන්‍ය ගමන් බිමන් වලට වුවද මෙම ඇඟලුම් ඉතාමත් සුදුසු ය. සමට හොඳින් වාතාශ්‍රය ලැබෙන ආකාරය සැහැල්ලු රෙදි වර්ගවලින් නිපදවූ ටී ෂර්ට්, ටෑන්ක් ටොප්, ටයිට්, කැප්රි සහ ස්පෝර්ට්ස් බ්‍රා වැනි ඇඟලුම් වර්ග රැසක් මෙම ඇඟලුම් එකතුවට ඇතුළත් වේ. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, උසස් ප්‍රමිතියෙන් යුත් මෙම ඇඟලුම් සහනදායී මිලගණන් යටතේ, එනම් රු. 2,295 සිට ඉහළට මිලදීගත හැකි වීම ය.

“දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුත් අලංකාර ඇඟලුම් වෙළඳපොළට හඳුන්වා දුන් විශ්වාසනීය දේශීය සන්නාමයක් සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකි වීම මට මහත් සතුටක්. එමෙන්ම amanté යනු මා විශ්වාස කරන ගුණාංග රැසක් නිරූපණය කරන සන්නාමයක් ලෙස මා දකිනවා. අලංකාරයත් සුවපහසුවත් එක්තැන් කරන මෙම නව ඇඟලුම් එකතුව සමගින් මින් ඉදිරියට amanté සමග වඩාත් සමීපව කටයුතු කිරීමට මට හැකියාව ලැබේවි.” යුරේනි නොෂිකා පැවසුවා ය.

amanté හඳුන්වා දෙන මෙම නව athleisure ඇඟලුම් එකතුව දැන් Racecourse Mall (කොළඹ 07), Marino Mall (කොළඹ 03) සහ Kandy City Centre (මහනුවර) වැනි සාප්පු සංකීර්ණවල පිහිටි ස්වාධීන අලෙවිසැල් වෙතින් මෙන්ම නුගේගොඩ Cool Planet Shopping Centre හි පිහිටා ඇති නවතම amanté අලෙවිසැලෙන්ද ලබාගත හැකි වේ. එමෙන්ම රටපුරා පිහිටි අනෙකුත් ප්‍රධාන පෙළේ ඇඟලුම් අලෙවිසැල් වෙතින් මෙන්ම amanté නිල වෙබ් අඩවිය වන www.amante.lk වෙතින්ද amanté ඇඟලුම් මිලදීගත හැක.

Visits: 101