ඩයලොග් එන්ටප්‍රයිස් ‘Bizpack Unlimited’ හරහා ඕනෑම ජාලයකට අසීමිතව ඇමතුම් ලබාගැනීමේ පහසුකම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් හි ව්‍යාපාර තොරතුරු තාක්ෂණ විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise) විසින් ගෘහාශ්‍රිතව පවත්වාගෙන යන ව්‍යාපාර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම සුවිශේෂි Dialog Bizpack Unlimited නමින් Voice පැකේජයක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.
 
අතිශය කාර්යබහුල හා තරගකාරී සමාජ රටාවක් තුළ නොබිඳෙන සබඳතාවයක් පවත්වාගනිමින් සිය තරගකරුවන් සමඟ උරෙන් උර ගැටීම සඳහා ව්‍යාපාරික ආයතනයකට වාසිදායක සහ විශ්වසනීය සන්නිවේදන පහසුකම් බෙහෙවින්ම අත්‍යවශ්‍ය සාධකයකි. Dialog Bizpack Unlimited පැකේජය ගෘහාශ්‍රිතව පවත්වාගෙන යන ව්‍යාපාර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සන්නිවේදන අවශ්‍යතා සඳහා කදිම විසඳුමකි. පරිපූර්ණ පැකේජයක් වන මේ හරහා එම ව්‍යාපාර ආයතනවලට අසමසම ප්‍රතිලාභ අත්විඳිය හැකිවේ.
 
කුඩා පරිමාණ ව්‍යාපාර හිමියන්ට කිසිඳු අපහසුවකින් තොරව ඔවුන් කොතැනක සිටියත් නිරතුරුවම සිය සේවකයන්, ගනුදෙනුකාර භවතුන් හා සැපයුම්කරුවන් සමඟ නොබිඳෙන සම්බන්ධතාවයක් පවත්වාගැනීමට අවශ්‍ය විශේෂාංග රැසකින් Bizpack Unlimited පැකේජය සමන්විතය. එම සන්නිවේදන විශේෂාංග අතරට ප්‍රධානතම විශේෂාංග වන Extensions අතර Short Code Dialing, Call Forwarding, Call Transferring, Data Add-Ons, Call Hunting ඇතුළු තවත් විශේෂාංග රැසක් අන්තර්ගතය. Bizpack Unlimited හි මාසික ගාස්තුව වශයෙන් රු.499ක් සහ බදු අයවේ. මෙම පැකේජය හරහා සුළු ව්‍යාපාර හිමියන්ට ඕනෑම ජාලයකට සීමාවකින් තොරව ඇමතුම් ලබාගත හැකි අතර, තම ව්‍යාපාර පුළුල් කිරීමට අපේක්ෂා කරන කුඩා ව්‍යාපාර හිමියන්ට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මෙය විශ්වසනීය හා පිරිමැසුම්දායක සන්නිවේදන විසඳුමකි. Bizpack Unlimited පැකේජයේ විශේෂත්වය වන්නේ සීමාවන්ගෙන් හෝ බාධාවන්ගෙන් තොරව ව්‍යාපාරවලට සිය සන්නිවේදන අවශ්‍යතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීමයි.
 
මෙම පැකේජය ව්‍යාපාරික ස්ථානයක් තුළ ස්ථාපිත කිරීම ඉතාමත් පහසුයි. ඒ වෙනුවෙන් විශාල කාලයක් වැය නොවන අතර,ව්‍යාපාර හිමියන්ට විශේෂ තාක්ෂණික දැනුමක් අත්‍යවශ්‍ය නොවේ. මූලික ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවන නිසා කුඩා ව්‍යාපාරවලට මූල්‍ය ආයෝජන වියදම් ගැන කරදරවීමකින් තොරව සිය සන්නිවේදන කාර්යන් බාධාවකින් තොරව ඉටුකරගත හැකීයි.
 
කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඕනෑම කෙනෙකුට එම ව්‍යාපාරය සාර්ථක කරගැනීම විශාල අභියෝගයක් සේම ඒ වෙනුවෙන් එම ව්‍යාපාරය මනා සන්නිවේදන පහසුකම්වලින් බලගැන්වීම අත්‍යවශ්‍යයි. Dialog Bizpack Unlimited සේවාව ලබාගන්නා ව්‍යාපාරිකයෙකුට තම සන්නිවේදන අවශ්‍යතාවයන් මනාව ඉටුකරගනිමින් පාරිභෝගිකයන් සහ ගනුදෙනුකාර භවතුන් සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමට හැකි වන අතර, ව්‍යාපාරය පුළුල් කර දියුණුව කරාගෙන යාම කෙරෙහි නිදහස් මනසකින් කටයුතු කළ හැකීයි.
 
Dialog Bizpack Unlimited හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි ඩයලොග් එන්ටප්‍රයිස් සමූහ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී නවීන් පීරිස් මහතා, “පහසු මාසික ගාස්තුවකට ඕනෑම ජාලයකට Unlimited ඇමතුම් ලබාගැනීමට හැකි පැකේජයක් පිළිබඳව බොහෝ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් කාලයක සිට මහත් බලාපොරොත්තු තබා සිටියා.ඔවුන් අපේක්ෂා කළ දේ අද වන විට ලබාදීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. ව්‍යාපාරවල දියුණුව හා අභිවෘද්ධිය වෙනුවෙන් හැමවිටම නවතම වාසිදායක Voice සහ Data ප්ලෑන් හඳුන්වාදීමට ඩයලොග් එන්ටප්‍රයිස් හැමවිටම කටයුතු කරනවා.Bizpack Unlimited අපේ එම උත්සාහයට මෑතකාලීනව ඉදිරිපත් කළ හැකි හොඳම උදාහරණයයි.”
 
දිනෙන් දිනම ව්‍යාප්ත වන ඩයලොග් සන්නිවේදන ජාලය සමඟ එක්වී සිය ව්‍යාපාර පුළුල් කරමින් දියුණුව කරා ගෙන යන අතරේ, තම පාරිභෝගිකයන් සමඟ මනා සබැඳියාවක් ගොඩනැගීම සඳහා Bizpack Unlimited උපයෝගී කරගන්නා මෙන් ඩයලොග් එන්ටප්‍රයිස් සියලුම ගෘහාශ්‍රිත ව්‍යාපාර හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඇරයුම් කර සිටීයි.

Visits: 87