අපනයන අභිමුඛ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට “EDB Open Day” වැඩසටහන 15 දා

අපනයනාභිමුඛ ව්‍යවසායකයන් දිරිමත් කිරීම, නව අදහස් හඳුනා ගැනීම හා ඒවා සාකච්ඡා කරමින් අපනයනය සඳහා යොමු කිරීමේ අභිප්‍රායෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ව්‍යවසායකය ප්‍රජාව අතර සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් EDB Open Dayනමින් එක්දින වැඩසටහනක් සංවිධානය කර ඇත.

2023 ජූනි 15 වැනි දින පෙ.ව. 9:30 සිට සවස 4:30 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ නො 47, නවම් මාවත කොළඹ 02 (EDB/NDB Tower) පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, නව අපනයන අභිමුඛ ව්‍යවසායකයන් සහ නව අදහස් දරන්නන් සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් පිරිනැමෙන අවස්ථා සහ සේවාවන් හඳුනාගැනීමට සුවිශේෂී වේදිකාවක් වනු ඇත.

අපනයන ක්‍රියා පටිපාටිය, කෘෂිකාර්මික, කාර්මික නිෂ්පාදන හාසේවා  පිළිබඳව, නිෂ්පාදන වැඩිදියුණු කිරීම, වෙළඳපොළ හඳුනා ගැනීම සහ අපනයන සම්බන්ධතා වැනි සහභාගිවන්නන්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද සේවාවන් EDB Open Day තුළ අන්තර්ගත වන අතරඅනාගත අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මාර්ගෝපදේශ සඳහා මගපෙන්වීමක් ද ලැබෙනු අත.

වැඩසටහන සඳහා සහභාගී වන්නන්ට, අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් ලබාදෙන සියලුම සේවාවන් පිළිබඳ අදහස් ලබා ගැනීමට මෙන්ම අදාළ නිලධාරීන් පෞද්ගලිකව එකම ස්ථානයක හමුවීම සඳහා ඉඩකඩ විවර වනු ඇත.

මෙම සාකච්ඡා මගින් ගැනුම්කරුවන් සහ විභව වෙළඳපොළ සොයා ගැනීම, කාබනික ලියාපදිංචිය, ශ්‍රී ලංකා කුරුඳු සඳහා වෙළඳ ලාංඡන භාවිතය(PCC), ඇසුරුම් මාර්ගෝපදේශය සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතන වෙත ප්‍රවේශය වැනි දෑ ආවරණය කරනු ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේවැඩසටහන් සඳහා ලියාපදිංචි වීම යටතේ, නව අපනයන සංවර්ධන වැඩසටහන, කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සහ අපනයන නාමාවලිය ඇතුළු අංශ කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ඒ සඳහා ලියාපදිංචි විය හැකිය.

විශේෂිත සැසි සහ එක් එක් අපනයනකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ජා (One-to-One Meetings) යටතේ, අපනයන වෙළඳපොළ අවස්ථා, අපනයන ක්‍රියා පටිපාටි, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සහ ඇසුරුම් කිරීම පිළිබඳ විශේෂිත සාකච්ඡා සිදු කෙරනු ඇත. මෙහිදී සහභාගිවන්නන්ට අපනයන සංවර්ධන මණ්ඩලනිලධාරීන් සමඟ මුහුණට මුහුණ සාකච්ජාවන්හි නිරත වීමට අවස්ථාව ලැබේ.

සහයෝගීතාව, දැනුම හුවමාරු කර ගැනීම සහ ආර්ථික වර්ධනය සඳහා විභව අපනයනකරුවන්, සහ අපනයන සංවර්ධන මණ්ඩලයේනිලධාරීන් එක් කර ගනිමින්, මෙම එක්දින වැඩසටහනසාර්ථක සහ සංවාදාත්මකව සිදුවනු ඇත.

වැඩසටහන සඳහා උනන්දුවන්නන් අපනයන සංවර්ධන මණ්ඩලයේවෙබ් අඩවිය ඔස්සේ පූර්ව-ලියාපදිංචි කිරීමක් සිදු කළ යුතුය. ලියාපදිංචි වූ පසු, සෑම සහභාගිවන්නෙකුටම හඳුනාගැනීමේ අංකයක් ලැබෙනු ඇත.

වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා, අපනයන සංවර්ධන මණ්ඩලයේවෙබ් අඩවිය වන www.srilankabusiness.com වෙත පිවිසෙන්න. නොඑසේ නම් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් අමතන්න (එරන්දි 0777238299 / චතුරි  0778281052 / නිපුනි 0718810987)

Visits: 147