ලයන් බෘවරි සිලෝන් වෙතින් රුපියල් 28.30 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සමාගම (LION.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව එම සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 28.30ක් බැගින් මෙම ලාභාංශ ගෙවීමට පසුගියදා රැස් වූ එම සමාගමේ අද්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

මෙය 2023 මාර්තු 31 වැනිදායින් අවසන් වූ සමාගමේ 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම බව ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූනි 19 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන මැයි 30 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම සදහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් මාසයේදී නිවේදනය කෙරුණු මෙම 2022/23 මූල්‍ය වර්ෂයට අදාළ ලාභාංශ යටතේ සමාගම කොටසකට ලබාදුන්නේ රුපියල් 13.60ක මුදලකි.

මේ අතර අවසන්වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය මැයි 19 වැනිදා දිනය නිමා වනවිට ලයන් බෘවරි සිලෝන් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 699.50ක් ලෙස සටහන් විය.

Visits: 95